ලංකාව පුරා බෝම්බ පිපිරීම් ! දේවස්ථාන දෙකක් විනාශ වෙයි. රෝගීන් 300 ක් දැනට ජාතික රෝහලට (VIDEO/PHOTOS) | Colombocall ලංකාව පුරා බෝම්බ පිපිරීම් ! දේවස්ථාන දෙකක් විනාශ වෙයි. රෝගීන් 300 ක් දැනට ජාතික රෝහලට (VIDEO/PHOTOS) - Colombocall

Hot News

ලංකාව පුරා බෝම්බ පිපිරීම් ! දේවස්ථාන දෙකක් විනාශ වෙයි. රෝගීන් 300 ක් දැනට ජාතික රෝහලට (VIDEO/PHOTOS)






අද(21) උදෑසන කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සහ මීගමුව , කටාන,  කටුවපිටිය දේවස්ථානයේ බෝම්බ පිපිරීම් දෙකක් වාර්තා වෙනවා.

උදෑසන 08 45 ට පමණ සිදු වූ මෙම පිපිරීම් නිසා ජනතාව මහත් කම්පනයට සහ භීතියට පත්ව තිබෙනවා.

කටුවාපිටිය දේවස්ථානයේ පිපිරීම නිසා දස දෙනක් පමණ ජීවිතක්ෂය පත්ව සම්පූර්ණ මරණ සංඛ්‍යාව මෙතෙක් ගනණය කර නොමැති බවත් වර්තා වෙනවා.

මෙය යම් සංවිධානාත්මක ක්‍රියාවක් ද යන්න පිළිබඳ සැක මතුවී ඇති අතර ජනතාව දේවස්ථාන වෙත යාමෙන් වැලකී සිටීම යහපත් බව කියැවෙනවා.

කොළඹ ජාතික රෝහල වෙත තුවාල ලැබූවන් 60 ක් පමණ මේ වන විට ගෙනවිත් ඇති අතර එය තවදුරටත් ඉහළ යමින් පවතින බව කියැවෙනවා.

සැන්ග්‍රීලා හෝටලයේ සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ යම් පිපිරීම් කිහිපයක් සිදුව ඇති බව වාර්තා වෙනවා.මෙම පිපිරීමෙන් විදේශිකයන් කිහිප දෙනකු අසරණ වී තිබෙනවා.

මෙම පිපිරීම් සිදු වූ තැන් වලට ජනතාව රැස් වෙමින් පවතින නිසා තවත් පිපිරීම් සිදු වීමට ඉඩ ඇති බවත් එම නිසා එම ස්ථාන වෙත මහජනතාව යාමෙන් වැලකී සිටින ලෙසත් පොළිසිය ඉල්ලීමක් කර තිබෙනවා.

දැනට ලැබී ඇති වීඩියෝ සහ පින්තූර පහළින් නරඹන්න