මන්නාරමේ කුඩා වඩු මඩුවේ වැඩ කරන වඩු බාස් මාමාගේ ගිණුමේ කෝටි 16 ක් ! සල්ලි ගිණුමට ආපු විදිය හෙළි නොකරයි | Colombocall මන්නාරමේ කුඩා වඩු මඩුවේ වැඩ කරන වඩු බාස් මාමාගේ ගිණුමේ කෝටි 16 ක් ! සල්ලි ගිණුමට ආපු විදිය හෙළි නොකරයි - Colombocall

Hot News

මන්නාරමේ කුඩා වඩු මඩුවේ වැඩ කරන වඩු බාස් මාමාගේ ගිණුමේ කෝටි 16 ක් ! සල්ලි ගිණුමට ආපු විදිය හෙළි නොකරයි









ආරක්ෂක අංශ විසින් ඊයේ ( 29)  සවස  මන්නාරම නගරය ආශ්‍රිතව කළ සෝදිසි මෙහෙයුමකදී  සැකකරුවන් දොළොස් දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් අතරින් මන්නාරම නගරයට ආසන්නව ඉතාම කුඩා පරිමාණයේ වඩු මඩුවක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගත් අතර ඔහුගේ වඩුමඩුව පරීක්ෂා කළ අවස්ථාවේදී හමු වූ බැංකු පොතක ඔහුගේ නමින් රුපියල්  කෝටි දාසයක මුදලක් තැන්පතු වශයෙන් ඇති බව පෙනී ගොස් තිබේ.

යුද හමුදාව කළ ප්රශ්න කිරීම් වලදී එම මුදල ඔහුට ලබුණු ආකාරය විස්තර කිරීමට නොහැකි වූ නිසා යුද හමුදාව ඔහුද අත් අඩංගුවට ගෙන තිබේ.

මේ සැකකරුවන් සියලුම දෙනා යුද හමුදාව විසින් මන්නාරම පොලීසිය වෙත බාර දී තිබේ.

මුදල් අතින් සන්නද්ධ ත්‍රස්ත සංවිධානය මෙසේ මොහුට මුදල් ලබා දී තොරතුරු ලබාගැනිම සඳහා යොදවා තිබේදැයි ඉදිරියේදී අනාවරණය වනු ඇති.