පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව 100% තහවුරු කරගනී | Colombocall පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව 100% තහවුරු කරගනී - Colombocall

Hot News

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව 100% තහවුරු කරගනී





අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව දැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා.

එල්ල වී තිබෙන ත්‍රස්තවාදී තර්ජනය හමුවේ ඇමතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම සදහා පාර්ලිමේන්තුවේ සියලූම මන්ත්‍රීවරුන් එකාවන්ව එකට එක්ව කටයුතු කරමින් සිටින බවද සඳහන්.

මේ අතර පාර්ලිමේන්තු ආරක්ෂාව දැඩි තර්ජනයකට ලක්ව ඇති බව ආරක්ෂක අංශ ප්‍රධානීන් අද (23) පැවසුවේ යැයි කතානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

කතානායකවරයා මේ බව පැවසුවේ පසුගියදා ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් පාර්ලිමේන්තුව අද කැඳවූ අවස්ථාවේදීයි.

පාර්ලිමේන්තු රැස්වීමට පෙර එම පරිශ්‍රයේ පැවති ආරක්ෂක අංශ ප්‍රධානීන් සමග සාකච්ඡාවට ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා ද සහභාගි වූ බවත් එහිදී මේ බව හෙළිදරව් වූ බවත් කතානායකවරයා සදහන් කර සිටියා.