කෝටි 03 ක රත්තරං තොගයක් කටුනායකින් පන්නන්න හදපු කාර්යයමණ්ඩල සේවකයා මාට්ටු | Colombocall කෝටි 03 ක රත්තරං තොගයක් කටුනායකින් පන්නන්න හදපු කාර්යයමණ්ඩල සේවකයා මාට්ටු - Colombocall

Hot News

කෝටි 03 ක රත්තරං තොගයක් කටුනායකින් පන්නන්න හදපු කාර්යයමණ්ඩල සේවකයා මාට්ටු






රුපියල් තුන් කෝටි විසි ලක්‍ෂයක් පමණ වටිනා රන් බිස්කට් තොගයක් කටුනායක ගුවන් තොටුපොලෙන් පිට කිරීමට තැත් කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකු රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවේ කිලෝ 4 ක් පමණ බරැති රන් බිස්කට් 40 ක් සැකකරු සිය පාදවලට තබා බැද ගුවන් තොටුපොලෙන් පිට කිරීමට උත්සාහ දරා ඇති බවයි.

ගුවන් තොටුපොල පිටත්වීමේ පර්යන්තයේ අවසාන ගේට්ටුව පසුකර යාමට සූදානම් වන අවස්ථාවේ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තල ප්‍රදේශයේ පදිංචි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කටුනායක ගුවන් තොටුපොල තුළ රාජකාරී සිදුකරන අයෙකු බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.