අප්‍රේල් 01 මෝඩයාගේ දවසේ මහින්දගෙන් අමුතු විහිළුවක් ! | Colombocall අප්‍රේල් 01 මෝඩයාගේ දවසේ මහින්දගෙන් අමුතු විහිළුවක් ! - Colombocall

Hot News

අප්‍රේල් 01 මෝඩයාගේ දවසේ මහින්දගෙන් අමුතු විහිළුවක් !




තමන්ගේ පාලනයක් තුළදී චංචා සිදු කරන සහ කොමිස් ගන්නා පුද්ගලයින්ට දැඩි දඬුවම් ලබාදෙන බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

රටේ පවතින වත්මන් අර්බුදයට ආණ්ඩුව වගකිව යුතු බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කර තිබුණේ ඊයේ (31) වැලිමඩ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින්.

කෙසේ වෙතත් අප්‍රේල් 01 මෝඩයාගේ දිනය බැවින් මෙම ප්‍රකාශයට බොහෝ දෙනෙක් තම හාස්‍ය පළ කර තිබෙනවා.

මෙසේ හාස්‍ය පළ කර සිටීමට ප්‍රධානම හේතුව වන්නේ රාජපක්ෂ සමය තුළ බොහෝ දූෂණ වංචා සිදු කළ අය ඔවුන් විසින් රැකගෙන සිටීම බවයි බොහෝ දෙනකුගේ මතය වී තිබෙන්නේ.

කෙසේ නමුත් අනාගතයේදී රාජපක්ෂ පාළනයක් තුළ සොරුන් සොයා දඬුවම් දීමට මහින්ද රාජපක්ෂ තුළ තිබෙන අදහසක් නිසා මෙසේ ප්‍රකාශ කරන්නට ඇති බව ද සිතිය හැකියි