තලාවේ දී එස් එම් චන්ද්‍රසේනට හූ සංග්‍රහයක් ! -VIDEO- | Colombocall තලාවේ දී එස් එම් චන්ද්‍රසේනට හූ සංග්‍රහයක් ! -VIDEO- - Colombocall

Hot News

තලාවේ දී එස් එම් චන්ද්‍රසේනට හූ සංග්‍රහයක් ! -VIDEO-





අනුරාධපුර - පාදෙනිය ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අනුරාධපුර තලාව - ජයගඟ මංසන්ධියේදී තලාව අවට ගම්මාන කීපයක ජනතාව වන අලි ගැටලුවට ස්ථිර විසදුමක් ඉල්ලා සිදු කළ විරෝධතාවක් අතරතුර විරෝධතාකරුවන් හමුවට හිටපු වනජීවි අමාත්‍යය ,පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා පැමිණීමත් සමඟ විරෝධතාකරුවන් ඒ මහතාගේ පැමිණීම ප්‍රතික්ෂේප කරමින් ඒ මහතාට හූ හඩින් සංග්‍රහ කරනු ලැබීය.

තලාව මුදුනේගම, සෝළම, කැලේගම, පහළගම, කුමාර එළිය, කොන්ගොල්ලෑව, ගඟසිරිපුර, නෙලුම්තොට්ටම, නාවක්කුළම ආදී ගම්මාන කීපයක ගොවි ජනතාව 500 කට ආසන්න පිරිසක් තලාව ජයගඟ මංසන්ධියට පැමිණ සාමකාමීව විරෝධතාවක නිරත වූයේ තම ගම්මානයන්ට නිරන්තරයෙන් වන අලි කඩා වැදීම හේතුවෙන් ජන ජීවිතයට බාධාා සිදුව ඇති බැවින් වන අලි ගැටලුවට කඩිනම් විසදුම් ලබා දෙන ලෙස ඉල්ලමින්ය.
තලාව ගඟසිරිපුර ගම්මානයේ පදිංචි සයිමන්ගේ වසන්ත (49) නම් තිදරු පියෙකුද පසුගිය 07 වැනි දින සවස සිය කුඹුරට යම්න් සිටියදී වන අලි ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇති අතර, ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (10) දින සිදු කිරීමෙන් අනතුරුව මෙලෙස තලාව අවට ගම්වාසීන් අද (11) මිනී පෙට්ටියක් හා මල්වඩම්ද රැගෙන විත් වන අලි ගැටලුවට විසදුම් ඉල්ලා විරෝධතාවක නිරත වූහ.

ඒ අතරතුර තලාව නගරය හරහා කොළඹ බලා යමින් සිටි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හිටපු වනජීවි අමාත්‍යය, එ.ජ.නි.ස අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාද විරෝධතාවය දැක සිය වාහනයෙන් බැස විරෝධතාකරුවන් අතරට පැමිණ ගැටලුව විමසා සිටියහ,
ඒ අවස්ථාවේදී ගඟසිරිපුර සත්බෝධි විහාරස්ථාණිධිපති ඉපලව ප්‍රේමානන්ද හිමියන් කියා සිටියේ අපි දේශපාලන අධිකාරිය බලාපොරොත්තු වුණේ නෑ මෙතනට, දේශපාලන අධිකාරියෙන් මෙතෙක් අපිට නිසි විසඳුමක් ලැබිලා නෑ.මෙතන මහජනයාගේ සම්බන්ධීකරණය වන රජයේ නිළධාරී දෙන්නා ඉන්නවා.ප්‍රාදේශීය ලේකම්වරු දෙන්නා හරහා දිස්ත්‍රික් මහ ලේකම්තුමන්ට කථා කළා ඒ දෙන්නා භාර ගත්තා ඉතා ඉක්මනින්, මාස 03 ක් වැනි කෙටි කාළයක් තුල අලි වැටක් ගහලා අලි එන එක නවත්වලා දෙන්න දිස්ත්‍රික් ලේකම්තුමා භාර ගත්තා.මාස 03 ක් තුළ මේ සඳහා විසදුමක් ලබා නොදුන හොත් පසුගිය 07 වැනි දින වන අලි ප්‍රහාරයෙන් මියගිය වසන්ත මහතාගේ තුන්මාසේ දානේ අපි දෙන්නේ පාර වහලා මහා සංඝරත්නය වඩම්මලා මේ මහ පාරේ දානය දෙනවා යනුවෙනි.


විරෝධතාකරුවන් සියල්ලෝද දේශපාලනය මෙතන්ට වැඩක් නෑ,ඒ නිසා මාස 03 ක කාළයක් අපි ලබා දෙනවා.කවුරු විරුද්ධ වුණත් අපි තුන් මාසේ දානය පාර වහලා දෙනවා.ඒ නිසා මේ ලිපිය කුණු කූඩයට නොදා ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලනවා යනුවෙන් පැවසීය.


විරෝධතාකරුවන් ඇමතීම සඳහා හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා උත්සහ කළද විරෝධතාකරුවන්ගේ කෑකෝ ගැසීම මැද ඒ මහතාට කථා කිරීමට නොහැකි වූ අතර, බයිලා -බයිලා කියන්නේ යනුවෙන් පවසමින් විරෝධතාකරුවන් මන්ත්‍රීවරයාට විරෝධය පළ කළහ.


එස්.එම් චන්ද්‍රසේන මහතා විරෝධතාකරුවන් ඇමතීමට විරෝධතාකරුවන්ගේ මයික්‍ර ෆෝනය අවස්ථා කීපයකදීම ඉල්ලා සිටියද විරෝධතාකරුවන් එය ලබා නොදෙමින් විරෝධතාකරුවන් කියා සිටියේ මේ වන අලි ගැටලුවට කිසිම පක්ෂයකින් අපිට විසදුම් ලැබුණේ නෑ, මේක අපිට දේශපාලන රැස්වීමක් කර ගන්න නෙමෙයි අවශ්‍යතාවය තියෙන්නේ.අපිට අලි මිනිස් ගැටුමට විසදුමක් ලබා ගැනීමයි අවශ්‍යතාවය.යනුවෙන් පැවසීය.එවිට විරෝධතාකරුවන් කීපදෙනකුම හිටපු අමාත්‍යය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාට හූ හඩින් සංග්‍රහ කරනු ලැබීය.ඔබතුමන්ලාට බලය තියෙන කාළයේ මේවාට කටයුතු කළා නම් මේ විදිහට ක්‍රියාත්මක වුණා නම් අලි -මිනිස් ගැටුමෙන් ජීවිතයක් නැති වෙන්නේ නෑ, එහෙම නම් අපිට මෙහෙම උද්ඝෝෂණ කරන්න වෙන්නේ නෑ.මේක අපේ ගොවියන්ගේ උද්ඝෝෂණයක් කාගෙවත් දේශපාලන වාසී තකා කරන උද්ඝෝෂණයක් නෙමෙයි යනුවෙන් විරෝධතාකරුවන් පවසා සිිටියහ.

එවිට විරොධතාකරුවන් නැවතත් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතාට හූ හඩින් සංග්‍රහ කරනු ලැබීය.


https://www.facebook.com/thisara.s.somarathna/videos/10213748323523329/