"වෙනදා මෙන් පුතේ කියාගෙන අම්මා නොපැමිණි නිසා කාමරයට ගිය චාමරට දැකගන්න ලැබුනේ මවගේ නිසල දේහය" ! චාමරගේ අම්මා සදහටම සමුගනියි ! -VIDEO- | Colombocall "වෙනදා මෙන් පුතේ කියාගෙන අම්මා නොපැමිණි නිසා කාමරයට ගිය චාමරට දැකගන්න ලැබුනේ මවගේ නිසල දේහය" ! චාමරගේ අම්මා සදහටම සමුගනියි ! -VIDEO- - Colombocall

Hot News

"වෙනදා මෙන් පුතේ කියාගෙන අම්මා නොපැමිණි නිසා කාමරයට ගිය චාමරට දැකගන්න ලැබුනේ මවගේ නිසල දේහය" ! චාමරගේ අම්මා සදහටම සමුගනියි ! -VIDEO-








ප්‍රසංග වේදිකාවේ එදා මෙදා තුර ජනතා ආදරය සහ ගෞරවය දිනා සිටින නිහතමානී ගායක චාමර වීරසිංහ ගේ මව මිය ගොස් තිබෙනවා.

හදිසියේ ඇතිවූ හෘදයාභාදයකින් පසුවයි ඇය මෙසේ සදහටම ජීවිතයෙන් සමුගෙන ඇත්තේ.


 වෙනදා මෙන් පුතේ කියාගෙන මව නොපැමිණීම හේතුවෙන් කාමරයට ඇතුළු වූ චාමරට දැකගත හැකී වී තිබෙන්නේ මවගේ නිසල දේහය බවයි වාර්තා වුණේ.

කැස්බෑවේ පිහිටි නිවසට මේ වන විටත් විශාල ජනතාවක් පැමිණ ඇති බවත් වාර්තා වෙනවා

මෙම පුවත පලවීමත් සමඟ බොහෝ දෙනෙක් තම කණගාටුව ප්‍රකාශ කර තිබුණා.

චාමර වීරසිංහ තම බිරිඳට තරම්ම තම මෑණියන්ට ආදරය කළ කෙනෙක් බවත් ඒ වෙනුවෙන් ඔහු අම්මා වෙනුවේ ගීත රාශියක් නිර්මාණය කර ඇති බවද බොහෝ දෙනෙක් කියා සිටිනවා.

දේහය මේ වන විට රෝහලේ පවතින බවත් ඉදිරියේදී අවසන් කටයුතු පිළිබඳ තීරණයකට පැමිණ දැනුම් දෙන බවත් චාමරගේ හිතවතෙක් ප්‍රකාශ කර සිටියා.

චාමර අම්මා වෙනුවෙන් ගායනා කල ජනප්‍රිය ගීතයක් පහළින් නරඹන්න