අනුරාධපුර බස් වලට නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිළධාරියාට ස්ථාන මාරුවක් ! දේශපාලන බලයට සියල්ල යට වේ ! ( VIDEO- PHOTOS) | Colombocall අනුරාධපුර බස් වලට නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිළධාරියාට ස්ථාන මාරුවක් ! දේශපාලන බලයට සියල්ල යට වේ ! ( VIDEO- PHOTOS) - Colombocall

Hot News

අනුරාධපුර බස් වලට නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිළධාරියාට ස්ථාන මාරුවක් ! දේශපාලන බලයට සියල්ල යට වේ ! ( VIDEO- PHOTOS)





පසු ගිය දිනක අනුරාධපුර ප්‍රදේශයේ පෞද්ගලික බස් රථ වල සවිකර තිබූ අධික ශබ්දයකින් යුතු නළා සඳහා නීතිය අකුරටම ක්‍රියාත්මක වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ දැඩි ලෙස කතාබහට ලක් වුණා.

එම වීඩියෝව පහළ සබැඳියෙන්

නීතිය ක්‍රියාත්මක කළ පොලිස් නිළධාරියාගේ වීඩියෝව බැලීමට මෙය ක්ලික් කරන්න

බොහෝ දෙනෙක් එම පොලිස් නිළධාරියා සිදු කළ ක්‍රියාව අගය කර තිබූ අතර තවත් සුළු පිරිසක් එම ක්‍රියාව අනුමත නොකරන බව කියා සිටියා. එසේ අනුමත නොකරනවා යැයි කියූ පිරිස බස් පිස්සන් ලෙස ද ඇතැමුන් හඳුන්වා තිබුණා.

නිලධාරියා විවේචනය කරමින් දක්වා තිබූ අදහස් පහලින් නරඹන්න



කෙසේ වෙතත් මේ වන විට වාර්තා වෙන අළුත්ම පුවතක් පවතිනවා. එනම් අනුරාධපුරයේ ගෝෂාකාරී නාද රටා සහිත හෝන් සවිකර තිබූ බස් රථ සියල්ල සඳහා නඩු දැමූ පොලිස් නිළධාරීවරයා ස්ථාන මාරුවකට සූදානම් කරවීමක් පිළිබඳවයි.

එම බස් රථ ඉන්දියාවෙන් ආනයනය කළ පසු විශාල මුදලක් වියදම් කරමින් නවීකරණය කරන බවත් එහිදී ස්ටිකර් , සුදු යකඩ බාර්, කැමරා, සවුන්ඩ් සිස්ටම්, සි.සී.ටී.වී කැමරා, විසිතුරු නාද සහිත නළා සවිකරන බවත් වාර්තා වෙනවා.

එක් බස් හිමියෙක් තමා සතු සියළුම බස් රථ සඳහා මෙම අලංකරන සිදු කිරීමේ උන්මත්තකයකු ලෙස ක්‍රියා කරන බවත් ඔහු ප්‍රභල දේශපාලකයකුගේ සමීපතමයකු බවත් ඡන්ද ව්‍යාපාර සඳහා විශාල මුදලක් වියදම් කරන බවත් සඳහන්.

ඔහුගේ ඉල්ලීමකට අනුව මෙසේ තම සියළු බස් රථ සඳහා  නඩු ක්‍රියාමාර්ග ගත් නිළධාරීවරයා ස්ථාන මාරුවක් කිරීමට කටයුතු කරමින් සිටින බව රහස් කටයුතු ආරංචිමාර්ග දන්වා තිබෙන බව වාර්තා වී තිබුණා.

කෙසේ නමුත් පෞද්ගලික පළිගැනීමක් උදෙසා එවන් ක්‍රියාවක් කිරීමට යමෙක් උත්සහ කරයිනම් ඊට විරුද්ධව හඬ නැගීමට මෙන්ම ක්‍රියා කිරීමට ලංකාවාසී සෑම පුද්ගලයකුටම වගකීමක් පවතී.

මෙහි සත්‍යාසත්‍යතාව මෙතෙක් නිශ්චිතවම දන්වා නොමැති අතර එවන් අවශ්‍යතාවයක් කිහිප දෙනකුට තිබෙන බව පැහැදිලි වන බව කියැවෙනවා.

කෙසේ උවත් බහුතර මහජනතාවගේ ගමනාගමනය සිදු කරන බස් රථ හිමියන් සහ සේවකයින් මගී ආකල්ප සහ පොදු ගැටළු පිළිබඳ මීට වඩා  මානුෂීයව සිතීමට කාලය එළැඹ තිබේ.