විදුලි ඒකකයක මිල වැඩි නිසා රටවල් කිහිපයක් ප්‍රතික්ෂේප කල නැවකින් අධික මිලක් ගෙවා විදුලිය ලබා ගැනීමට රවී සැරසෙයි ! -PHOTOS- | Colombocall විදුලි ඒකකයක මිල වැඩි නිසා රටවල් කිහිපයක් ප්‍රතික්ෂේප කල නැවකින් අධික මිලක් ගෙවා විදුලිය ලබා ගැනීමට රවී සැරසෙයි ! -PHOTOS- - Colombocall

Hot News

විදුලි ඒකකයක මිල වැඩි නිසා රටවල් කිහිපයක් ප්‍රතික්ෂේප කල නැවකින් අධික මිලක් ගෙවා විදුලිය ලබා ගැනීමට රවී සැරසෙයි ! -PHOTOS-






රට වලපල්ලට ගියත් සිය පුද්ගලික වාසිය සඳහා මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් වංචා කරන විදුලිබල අමාත්‍යංශයේ ඉහළම නිලධාරියාගේ තවත් මහාපරිමාණ මූල්‍ය වංචාවක් පිලිබද තොරතුරු අනාවරණය වී තිබේ.

විදුලිබල අමාත්‍යංශයේ ලේකම් සුරේන් බටගොඩ දූරය එම ධූරය දැරූ පසුගිය වසර පහ හතර පුරාම මෙගාවොට් එකක හෝ විදුලියක් අලුතින් ජාතික පද්ධතියට එක් කිරීමට විදුලිබල අමාත්‍යංශය අපොහොසත් විය. එය සිතාමතාම කරන ලද බරපතළ ගණයේ වංචාවකි.

මෙසේ සිතාමතාම නව බලාගාර ඉදිකිරීම වැලැක්වීම නිසා දැන් විදුලි ඉල්ලුම සපුරාලීමට තරම් ප්‍රමාණවත් ජනන හැකියාවක් විදුලිබල මණ්ඩලයට නැත. ඊට පිලියම් ලෙස අමාත්‍යංශ ලේකම්වරයා බොහෝ කැමැත්තෙන් හදිසි විදුලිය මිලදී ගැනීම සදහා ක්‍රියාකරයි.

පසුගිය වසර දෙකේදීම හදිසි විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩර හිමිවූයේ විදුලිබල ලේකම් බටගොඩගේ අතිජාත මිත්‍රයෙකු වන සුරේෂ් සුබ්‍රමනියම්ගේ ඇග්‍රිකෝ සමාගමටයි. සෑම ටෙන්ඩරයකම රහසිගත තොරතුරු සියල්ල ඇග්‍රිකෝ සමාගම වෙත සපයා එම සමාගමටම ටෙන්ඩර් පුජා කරමින් සිටියදී අවසන් වරට කැදවූ ටෙන්ඩරයේදී අර්බුදයක් හටගෙන ඇත. එනම් එම ටෙන්ඩරයේදී අවම මිලක් ඉදිරිපත්කර ඇත්තේ චීන සමාගමක් වීමයි.

 ඔවුන්ගේ එම අවම මිල හමුවේ ඇග්‍රිකෝ සමාගමට ටෙන්ඩරය හිමි නොවන බව දැනගත් බටගොඩ එම ටෙන්ඩරය වහාම අත් හිටුවනු ලැබුයේ ඒ මොහොතේදී විදුලිය අවශ්‍ය නොවන බව පවසමින්. ඔහු එම ටෙන්ඩරය අවලංගු නොකලා නම් මේ වනවිට රටට අවම අලාභයක් සහිතව හදිසි විදුලිය මිලදීගෙන අර්බුදයෙන් මිදෙනු ඇත. විදුලිය විසන්ධිවීම් සිදු නොවනු ඇත.

නමුත්ඔහු එසේ නොකර ටෙන්ඩරය අවලංගු කලේ ඉතා කූඨ සැලසුමක්ද සකස් කරගනිමින් ය.

දැන් අමාත්‍යංශ ලේකම් බටගොඩ සිය ව්‍යාපාරික ගජ මිතුරා වන සුරේෂ් සුබ්‍රමනියම් හරහා පාවෙන ඩීසල් විදුලි බලාගාරයක් ගෙන්වීමට සැලසුම් කරමින් සිටියි.

මෙම පාවන ඩීසල් බලාගාරය දැනටමත් කොළඹ වරාය වෙත සමීප වෙමින් සිටින අතර දැන් අවශ්‍ය වන්නේ බොරු කතන්දර දෙසා බාමින් එම පාවෙන බලාගාරය හිමි ඒජන්තයා වන සුරේෂ් සුබ්‍රමනියම් සහ විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කිරීම පමණි.

මෙම කූඨ ගණුදෙනුව පසුපස ලේකම් බටගොඩගේ උපදේශකයා මෙන්ම සුරේෂ් සුබ්‍රමනියම්ගේ සමීප හිතවතෙකු වන විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයෙකු ලෙස කටයුතු කල වික්‍රමසේකර (විකී) නමැති විශ්‍රාමික නිලධාරියාද සිටියි.

මෙම පාවෙන බලාගාරය තුර්කියේ නිශ්පාදනය කල බලාගාරයක් වන අතර ඔවුන් පසුගිය සමය පුරාම එය මියන්මාරයට සහ බංග්ලාදේශයට අලෙවි කිරීමට උත්සාහ කලද, එම බලාගාරයේ විදුලි ඒකක මිල ඉහළ නිසා එම රටවල් එම ගණුදෙනුව ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම බලාගාරය ඩීසල් වලින් ධාවනය වන අතර ලංකාවට කිසිදු බදු ආදායමක් ලබා නොදී සෘජුවම ජාත්‍යන්තර මිලගනන් යටතේ මෙම නැවට තෙල් සැපයෙනු ඇත.

පසුගිය වසරේදී විදුලිබල මණ්ඩලයේ ලේකම්වරයා එක්වරම තුර්කියේ සංචාරයක නිරත වූ අතර තුර්කියේ සිට පැමිණි දා පටන් ඔහුගේ අරමුණ වූයේ මෙම පාවෙන බලාගාරය ශ්‍රී ලංකාවට ගෙන ඒමයි.

විදුලිබල පණත අනුව ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලිබලාගාර ඉදිකිරීමට අවසර දීමට විදුලිබල අමාත්‍යංශයට හැකියාවක් නොමැත. එසේ සිදුකල හැක්කේ විදුලිබල අර්බුදයක් පවතින හදිසි අවස්ථාවකදී පමණි.

ඒ බව හොදින් දන්නා අමාත්‍යංශ ලේකම්වරයා දැන් රට තුල චේතාන්විතවම විදුලි අර්බුදයක් නිර්මාණය කර ඇත. හදිසි තත්වයක් නිර්මාණය කර ඇත.



සිදුවන පාඩුව


මෙම පාවෙන බලාගාරයෙන් නිශ්පාදනය කරන මෙගාවොට් 100ක විදුලිබලය 220KV ධාරිතාවයකින් ජාතික පද්දතියට සම්ප්‍රේෂණය කිරීමට කොළඹ වරායේ හෝ ලංකාවේ කිසිදු තැනක සම්ප්‍රේෂණ කේබල් නැත.

එසේ කේබල් පද්දතියක් ඉදිකිරීමට අවම වශයෙන් මාස 5-6 අතර කාලයක් ගතවනු ඇත. එතරම් කාලයක් ගත කර විදුලිය සැපයීමේදී වර්ශාව ආරම්භ වී ජනන හැකියාව වර්ධනය වී තිබෙනු ඇති අතර අමතර මෙගාවොට් 100ක පාවෙන බලාගාරයේ විදුලිය අවශ්‍ය නොවනු ඇත.

නමුත් මෙම බලාගාරය ලංකාවේ නැංගුරම් ලෑ දිනයේ සිටම විදුලිබල මණ්ඩලයට එම බලාගාරයේ ධාරිතා ගාස්තුව ගෙවීමට සිදුවනු ඇත. ජාතික පද්දතියට විදුලිය සැපයූවත් නැතත් රුපියල් කෝටි ගණනක ධාරිතා ගාස්තුවක් සුරේෂ් සුබ්‍රමනියම්ගේ සාක්කුවට වැටෙනු ඇත.

විදුලිබල අමාත්‍යංශයේ ලේකම් බටගොඩ විසින් සිය අතිජාත මිත්‍රයා සමඟ එක්ව කෝටි ගණනක මූල්‍ය පාඩුවක් රටට කරන්නේ මේ රටේ ලක්ෂ ගණනාවක් පවුල් අදුරේ ගිල්වමින් ය. රට කෝටි ගණනක් ණය කරමින් ය.

මේ නඩු විමසන්නට මේ රටේ දේශපාලකයින්ට කොන්ද පණ නැත. රටේ මිනිස්සුන්ට වුවමනා නැත.