අසහනකරුවකු සාරිය ඇඳගෙන වැඩට ගිය තරුණියගේ රහස් ප්‍රදේශය ස්පර්ශ කළ හැටි ! -PHOTOS- | Colombocall අසහනකරුවකු සාරිය ඇඳගෙන වැඩට ගිය තරුණියගේ රහස් ප්‍රදේශය ස්පර්ශ කළ හැටි ! -PHOTOS- - Colombocall

Hot News

අසහනකරුවකු සාරිය ඇඳගෙන වැඩට ගිය තරුණියගේ රහස් ප්‍රදේශය ස්පර්ශ කළ හැටි ! -PHOTOS-




දුම්රිය මැදිරි තුළ ගමන් කරන තරුණියන් ලිංගික හිංසනයට ලක් වන අවස්ථා නිරන්තරයෙන් වාර්තා වෙනවා.

මෙයට විසඳුමක් ලෙස පසුගිය දිනක කාන්තාවන් වෙනුවෙන්ම වෙන් වූ මැදිරියක් සෑම දුම්රියකම වෙන් කිරීමට රජය පියවරද  ගෙන තිබුණා.

කෙසේ නමුත් අධික ජනතාවක් තම ගමනාගමනය සිදු කිරීම නිසා එම කාන්තා මැදිරිය ඇතැම් දුම්රියවලින් ඉවත් කිරීමටද පියවර ගැනුණා.

කෙසේ නමුත් මෙසේ තරුණියක් ලිංගික හිංසනයට ලක්කරන ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් තවත් තරුණියක් තම ෆේස්බුක් පිටුව ඔස්සේ පළ කර තිබෙනවා.

කොළඹ සිට ධාවනය ආරම්භ කර තිබූ දුම්රියක මෙම සිදුවීම සිදුවී ඇති බවයි පැවසෙන්නේ.

තරුණයකු තම ගමන්මල්ල ද රැගෙන  මෙසේ හිංසනයට ලක් වූ  මෙම තරුණිය සිටි ස්ථානයට පැමිණ අමුතු හැසිරීමක් දක්වා ඇති නිසා අසල සිටි තරුණියක් මේ පිළිබඳ විමසිල්ලෙන් සිට තිබෙනවා.

තරුණයා තම අත බෑගයේ තබා සිටින මුවාවෙන් සාරියක් ඇඳ සිටි තරුණියගේ පසුපස ප්‍රදේශය ස්පර්ශ කිරීම ආරම්භ කර තිබෙනවා.

එය දුටු විමසිලිමත් තරුණිය එම අවස්ථාවේ පින්තූර කිහිපයක් ලබා ගෙන පසුව අසල සිටි අය දැනුවත් කර තිබෙන බව පැවසෙනවා.

කෙසේ නමුත් තරුණියන් බොහෝ තරුණියන් මෙසේ ලිංගික හිංසනයට පත්වන බවත් ඇතැමුන් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන බවත් කියැවෙනවා.

බොහෝ දෙනෙක් පවසන්නේ තම ලිංගික කටයුතු කරගැනීමට නොහැකි වී මහත් පීඩනයකින් සිටින මැදිවයස් වල පිරිමි පුද්ගලයන් මෙම ක්‍රියාවට නිතර  යොමුවන බවයි.මොවුන් වෙනුවෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කළ යුතු බවද ඔවුන් පවසනවා.

එම අවස්ථාවේ ලබාගත් පින්තූර සියල්ල පහලින් නරඹන්න