බාල අපචාර සම්බන්ධයෙන් කැනඩා පොලිසියට අවශ්‍යව සිටි "ඇන්ටන්" ෆේස්බුක් අහඹු වීඩියෝවකින් කොටු වෙයි. සම්පූර්ණ විස්තරය මෙන්න - PHOTOS-VIDEO- | Colombocall බාල අපචාර සම්බන්ධයෙන් කැනඩා පොලිසියට අවශ්‍යව සිටි "ඇන්ටන්" ෆේස්බුක් අහඹු වීඩියෝවකින් කොටු වෙයි. සම්පූර්ණ විස්තරය මෙන්න - PHOTOS-VIDEO- - Colombocall

Hot News

බාල අපචාර සම්බන්ධයෙන් කැනඩා පොලිසියට අවශ්‍යව සිටි "ඇන්ටන්" ෆේස්බුක් අහඹු වීඩියෝවකින් කොටු වෙයි. සම්පූර්ණ විස්තරය මෙන්න - PHOTOS-VIDEO-






ඊයේ(12) දිනයේ සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රසිද්ධ අවන්හලක් වැටලීම සමාජයේ කතාබහට ලක්වුණා. 

මේ අතර මෙම වැටලීම මේ වනවිට සමාජජාලා මාධ්‍යයන්ගේද ආන්දෝලනයට හේතු වුණා.

මෙම වැටලීමෙන් පසු එම වීඩියෝව සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වුණු අවස්ථාවේ එම වීඩියෝවේ සිටි පුද්ගලයකු    2015 වසරේ සිට කැනඩා පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙක් බව එක් අයෙක්  හඳුනාගෙන එය ප්‍රකාශ කර තිබුණා.

කැනේඩියානු Ottawa පොලීසිය 2015 වසරේදි ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබෙන්නේ මෙම ශ්‍රී ලාංකික පුද්ගලයා ලිංගික අපචාර චෝදනාවක් හේතුවෙන් කැනෙඩියානු පොලීසියට අවශ්‍යව සිටිනා සැකකරුවෙක් බවයි.
මෙම අවන්හලේ වැටලීමේ වීඩියෝ දර්ශන නිකුත් වීමත් සමග සමාජජාලා ක්‍රියාකාරීන් ප්‍රකාශ කර සිටියේ මෙම වැටලීම භාරව සිටි පුද්ගලයා කැනඩා පොලීසියට අවශ්‍ය ඇන්ටන් ඇන්ඩෘ නම් සැකකරු බවයි.
අදාල වැටලීමේ වීඩියෝ දර්ශනය සහ කැනඩා පොලිසියේ ට්විටර් පණිවිඩය පහතින්




වීඩියෝ දර්ශනය