රවීගේ සූක්ෂම මෙහෙයුම ලීක් වෙයි ! LNG බලාගාර ටෙන්ඩරයෙන් මිලියන ගාණක පාඩුවක් නොවෙන වග කියන්න සංවිධාන සාමාජිකයින් යොදවලා !-VIDEO- | Colombocall රවීගේ සූක්ෂම මෙහෙයුම ලීක් වෙයි ! LNG බලාගාර ටෙන්ඩරයෙන් මිලියන ගාණක පාඩුවක් නොවෙන වග කියන්න සංවිධාන සාමාජිකයින් යොදවලා !-VIDEO- - Colombocall

Hot News

රවීගේ සූක්ෂම මෙහෙයුම ලීක් වෙයි ! LNG බලාගාර ටෙන්ඩරයෙන් මිලියන ගාණක පාඩුවක් නොවෙන වග කියන්න සංවිධාන සාමාජිකයින් යොදවලා !-VIDEO-






LNG බලාගාර ටෙන්ඩරය හොර පාරෙන් චීනයට දීමට රවී කරුණානායක දරණ උත්සහය මුළු මහත් රටේම කතාබහට ලක් වී තිබෙන්නේ මීට පෙර ඉතිහාසයේ සිදු කළ විශාලම බැංකු මංකොල්ලය සමයේ රවී කරුණානායක මුදල් ඇමති වශයෙන් සිට ලබා දුන්නා යැයි කියන දායකත්වය නිසා විය යුතුය.

එනම් රවී කරුණානායක යන නම ඇසූ පමණින් බොහෝ දෙනකුට සිහියට නැගෙන්නේ රණවිරුවන්ට අපහාස කරමින් අලිමංකඩ යනවා කියා පාමංකඩ යෑම් වැනි කතා සහ ස.තො.ස කා දැමූ පුද්ගලයා ලෙස  ඉතිහාස ගත වී සිටීම නිසායි.

කෝටි 300 ක් රවීගේ බැංකු ගිණුමට දැමීමට චීනය එකඟ වී ඇත්තේ මෙම ටෙන්ඩරය චීන සමාගම වෙත පමණක් ලබා දීමට ඇති වූ එකඟතාවය නිසාය. මෙම ටෙන්ඩරය චීනයට ලබා දීම  තුළින් ලංකාවට රුපියල් මිලියන 90 000 ක පාඩුවක් සිදුවන බවට  තහවුරු කර තිබේ.

කෙසේ වෙතත් රවී මෙම කෝටි 300 ක කොමිස් මුදල එකවර අතහැර ජනතාව වෙනුවෙන් සිදු කිරීමට යන මිලියන 90 000 ක පාඩුව නවත්වන ආකාරයක් පෙනෙන්නට නැත. ඔහු  ඒ වෙනුවෙන් විවිධ සංවිධාන සාමාජිකයින් හට මුදල් ලබා දී රටට මෙයින් පාඩුවක් නොවන බව මාධ්‍ය වෙත ඉදිරිපත් කරන්න යැයි දැඩි ප්‍රකාශ කරමින් මඩිය තර කරගැනීමට බලා සිටින පුද්ගලයන් ඒ වෙනුවෙන් යොදවා තිබේ.

එවන් එක අයකුගේ රෙදි ගැලවී යන වීඩියෝවක් මාධ්‍ය වෙත ලැබී තිබෙනවා.

එම වීඩියෝව ඉදිරිපත් කරන්නේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානයේ නිර්මාතෘ "අසේල සම්පත්" විසිනු යි.  ඔහු කියා සිටින්නේ රවී කරුණානායක තමා බිහිකල සංවිධානයේ එක් පුද්ගලයකු යොදාගෙන රවී කරුණානායකගේ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන්  තම සංවිධානයේ නම භාවිත කරමින් මාධ්‍ය හමු පවත්වන බවයි.

 "රංජිත් විතානගේ" නැමැති එම පුද්ගලයා උලපනේ සුමංගල නම් ස්වාමින් වහන්සේ නමක් හා කැටුව පෙර ගැටළු සහිත ගල් අඟුරු බලාගාරය සම්බන්න්ධ  නඩුව ඉවත් කර ගත් බව කියමින් මාධ්‍ය හමු පවත්වා තිබෙනවා.

අසේල  සම්පත් පවසන්නේ තමා බිහි කල සංවිධානය තුළ අරමුණ වන්නේ පාරිභෝගිකයා  වෙනුවෙන් පෙනී හිඳීම බවත් මුදල් වෙනුවෙන් එක් එක් දේශපාලකයන් ඉදිරියේ ජනතාව මුලා කිරීමට අවස්ථාවක් තමාගේ හිතවතා වුවත් රංජිත් විතානගේට  ලබා දීමට තමා තුළ කිසිදු කැමත්තක් නොමැති බවත් ය.

එම වීඩියෝව බැලීමෙන් පසු රවී කරුණානායක සිදු කරන ක්‍රියාව හරිද වැරදි ද යන්න ඔබම තීරණය කරන්න.