පේන්න ඇන්දොත් මාස හයක් හිරේ ! ලංකාවේ අලුත්ම නීතිය මෙන්න (EXCLUSIVE) | Colombocall පේන්න ඇන්දොත් මාස හයක් හිරේ ! ලංකාවේ අලුත්ම නීතිය මෙන්න (EXCLUSIVE) - Colombocall

Hot News

පේන්න ඇන්දොත් මාස හයක් හිරේ ! ලංකාවේ අලුත්ම නීතිය මෙන්න (EXCLUSIVE)






ලංකාව පුරා තරුණියන් බොහෝ දෙනෙක් තම ශරීරයට ගැලපෙන ලෙස තෝරාගත් ඇඳුම් ඇඳීමට ප්‍රියතාවයක් දක්වනවා.තරුණයන් ද එසේමයි.

 තරුණපරපුරේ වැඩි කැමත්තක් ඇති කැමා ඇඳුම පිළිබඳ කතාබහ මේ වන විට කරළියට පැමිණ තිබෙනවා.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් භාවිත කරන නිල ඇඳුමට (කැමා ඇඳුම්) සමාන ලෙස නිපදවන සහ විකුණන ඇඳුම් සාමාන්‍ය ජනතාව භාවිත කිරීම වැළැක්වීම සඳහා පියවර ගන්නා බව යුද හමුදාව නිවේදනය කර තිබෙනවා.

හමුදා පනතට අනුව හමුදාව භාවිත කරන නිල ඇඳුමට සමාන ඇඳුම් භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව දඩ හෝ මාස 6ක සිර දඬුවම් නියම කළ හැකි බව ඊයේ (25)  යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු මහතා පැවසුවා.

හමුදා නිල ඇඳුම් රෙගුලාසි යටතේද හමුදා නිල ඇඳුම් හෝ නිල ඇඳුමට සමාන ඇඳුම් භාවිත කිරීමට නීතිමය බාධා පවතින බවයි ඔහු වැඩි දුරටත් කියා සිටියේ.

 විශේෂයෙන් රට තුළ විවිධ අවස්ථාවලදී පාතාල කල්ලි සම්බන්ධයෙන් සිදු කළ වැටලීම්වලදී හමුදා ඇඳුමට සමාන ඇඳුම් විශාල වශයෙන් හමු වී ඇති නිසා මෙවැනි නීතිමය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

“හමුදා ඇඳුම් සිනමා නිර්මාණයකට යොදා ගන්නවා නම් ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර තිබෙනවා. මේක එක් අතකින් යුද හමුදාවේ අභිමානය සම්බන්ධ ගැටලුවක්. අනෙක් අතින් ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක්. මේ සම්බන්ධයෙන් යුද හමුදාව මේ දිනවල අධ්‍යයනය කරමින් සිටිනවා.”  යැයි පැවසීය.


ඉන්දියාවේ ප්‍රසිද්ධ නළු නිළියන් මෙම කැමා ඇඳුම රූගතකිරීම් සඳහා යොදා ගන්නවා. එවන් අවස්ථා වල ලබා ගත් පින්තූර කිහිපයක් පහළින්