මෛත්‍රී ජනාධිපතිවරණයක් කැඳවයි ! ගෝඨාභය ස්වාධීන වෙයි ! අපේක්ෂකයා සූදානම් -EXCLUSIVE- | Colombocall මෛත්‍රී ජනාධිපතිවරණයක් කැඳවයි ! ගෝඨාභය ස්වාධීන වෙයි ! අපේක්ෂකයා සූදානම් -EXCLUSIVE- - Colombocall

Hot News

මෛත්‍රී ජනාධිපතිවරණයක් කැඳවයි ! ගෝඨාභය ස්වාධීන වෙයි ! අපේක්ෂකයා සූදානම් -EXCLUSIVE-







මෙම වසරේදී ජනාධිපතිවරණය පැවැත්වෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල  සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප්‍රධානින් අතර අද (06) පෙරවරුවේ පැවැත්වෙන සාකච්ඡාවේදී මෙම කරුණු අනාවරණය කළා.

ඇතැම්විට ඊට පෙර මහමැතිවරණයද පැවැත්වෙනු ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

බොහෝ දේශපාලක විචාරකයින් පවසන්නේ මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන එක්ව පොහොට්ටුව යටතේ තරඟ බිමට එක්වනු ඇති අතර නැවතත් ජනාධිපති ධූරය සඳහා මෛත්‍රීපාල තරඟවදින බවත් අගමැති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ පැමිණීමට නියමිත බවත් ය.

ඒ අතරම ලංකාව පුරා ජනාධිපතිවරණ අපේක්ෂයා ලෙස ජනතා කතාබහට ලක් වූ ගෝඨාභය රාජපක්ෂ මහින්දවාදී කඳවුරෙන් ඉවත්ව ස්වාධීනව ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වනු ඇතැයි ද මත පල වී තිබෙනවා.

කෙසේ නමුත් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුබ කණ්ඩායම පුළුල් සංධානයක් ඔස්සේ පොදු ශක්තිමත් , උගත් පොදු අපේක්ෂකයෙන් ඉදිරිපත් කිරීමට නියමිත බවත් වාර්තා වෙනවා. එම පුළුල් සන්ධානයට ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ සන්ධානය ද ඇතුලත්  බව කියැවෙනවා.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා වීමේ සම්භ්‍යාවතාව ඉතාමත් අල්ප බවත් රාජපක්ෂ පවුල තුළ සීතල යුද්ධයක් ඇති වී තිබෙන බවත් වාර්තා වෙනවා.

බැසිල් රාජපක්ෂ මහතා නැවතත් ජනාධිපතිවරණය සඳහා මෛත්‍රීපාල සිරිසේන මහතා හට අවස්ථාව දීම පිළිබඳ එතරම් කැමැත්තක් නැති බවද කියැවෙනවා.

මීට පෙර මෛත්‍රීපාල මහතා මහින්ද මහතා වෙත අගමැතිකම ලබා දෙන අවස්ථාවේ බැසිල් රාජපක්ෂ ඊට දැඩි විරුද්ධත්වයක් පළ කර තිබෙනවා.

එසේ අගමැතිකම ගැනීම තුළින් පොහොට්ටුවේ ඡන්ද පදනමට බරපතල හානියක් වූ බව පෙන්වා දී ඇති බවද සඳහන් වෙනවා.