කොකේන් සමඟ අත් අඩංගුවට ගත් තරුණියන් අතර සිටි නිළිය සමනලී ! | Colombocall කොකේන් සමඟ අත් අඩංගුවට ගත් තරුණියන් අතර සිටි නිළිය සමනලී ! - Colombocall

Hot News

කොකේන් සමඟ අත් අඩංගුවට ගත් තරුණියන් අතර සිටි නිළිය සමනලී !






කොකේන් සහ තවත් මත්ද්‍රව්‍ය සමග තරුණ තරුණියන් 17 දෙනෙකු මාතර පොල්හේන ප්‍රදේශයේ  හෝටලයක දී ඊයේ (03) අත්අඩංගුවට ගැණුනා.

තරුණයන් 14 දෙනෙකු සහ තරුණියන් 03 දෙනෙකු ඒ අතර වන බවයි පොලිසිය පවසන්නේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ද ඔවුන්ගෙන් ඇතැම් අය මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බවට සැක කෙරෙනවා.

මෙම තරුණ තරුණයින් විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි විමර්ශනවලින් හෙළිව ඇත්තේ.

සාදයක් සඳහා ඔවුන් මාතරට පැමිණ ඇතැයිද තොරතුරු ලැබී තිබෙනවා. වැටලීම සිදු කෙරුණේ මාතර කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය විසින්.

මේ පිළිබඳ මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

අත්අඩංගුවට ගත් මෙම තරුණ තරුණියන් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

තවද මෙසේ අත් අඩංගුවට ගත් තරුණියන් අතර ප්‍රසිද්ධ නිලියක් වන සමනලී ද සිටින බව සමාජ මාධ්‍ය තුළ කතාබහට ලක් වෙනවා.

 ඇය දුම්වැටි යනාදිය භාවිත කරමින් සමාජ මාධ්‍ය වෙත පින්තූර මුදා හැර තිබීමත් සරාගී බවත් නිසා මෙසේ  චෝදනා එල්ල වීම සාමාන්‍ය බව ඇතැමුන් කියා තිබෙනවා.

නමුත් එහි සත්‍ය අසත්‍ය පිළිබඳ නිවරදි තොරතුරක් මෙතෙක් වාර්තා වී නැති අතර ඇතැම් විට දේශපාලන මඩ ගැසීමක් වෙනුවෙන් ඇයගේ නම ඈඳා ගන්නට ඇති බවට තවත් පිරිසක් කියා සිටිනවා.