ජාතික ආණ්ඩුවකට එජාප පසුපෙළෙන් විරෝධයක් ! | Colombocall ජාතික ආණ්ඩුවකට එජාප පසුපෙළෙන් විරෝධයක් ! - Colombocall

Hot News

ජාතික ආණ්ඩුවකට එජාප පසුපෙළෙන් විරෝධයක් !









යළිත් වරක් ජාතික ආණ්ඩුවක් බිහි කිරීමට සූදානම් වන්නේ නම් ඊට විරෝධය පළ කරන බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් අද (25) අවධාරණය කළා.

ඒ, පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

මෙම සංවාදය ඇතිවුණේ වැන්දඹු කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ප්‍රශ්නයක් නැගූ අවස්ථාවේදීයි.

ඔහුද අවධාරණය කළේ යළිත් ජාතික ආණ්ඩුවක් බිහිවීමට තමන් විරෝධය පළ කරන බවයි.

යළිත් වරක් ජාතික ආණ්ඩුවක් බිහි කිරීමට අදාළ සාකච්ඡා ආරම්භ කිරීමේ සූදානමක් ඇතැයි  අනාවරණ වී තිබුණා.

 ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ එක්සත් ජාතික පක්ෂය අතරයි.යළිත් ජාතික ආණ්ඩුවක් බිහි වන්නේ නම් ඊට ජනාධිපතිවරයාගේ ද විරුද්ධත්වයක් ප්‍රකාශ කර නොමැති බවයි එහිදී වාර්තා වුණේ.