අන්තරේ පාරට ! වාහන ගමනාගමනයට දැඩි භාදා ! | Colombocall අන්තරේ පාරට ! වාහන ගමනාගමනයට දැඩි භාදා ! - Colombocall

Hot News

අන්තරේ පාරට ! වාහන ගමනාගමනයට දැඩි භාදා !








අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පාගමනක් හේතුවෙන් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ කැලණියේ සිට කොළඹ දක්වා රථ වාහන තදබදයක් හටගෙන තිබෙනවා.

විරෝධතා පාගමනේ නිරත සිසුන් මේ වනවිට පෑලියගොඩ පාලම පසු කරමින් කොළඹ දෙසට ලඟා වෙමින් සිටින බවයි පොලිසිය පැවසුවේ.

ආණ්ඩුව ගෙන ඒමට සූදානම් වන ප්‍රතිත්‍රස්ත පනතට විරෝධය පළ කිරීම සහ තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ඔවුන් මෙලෙස විරෝධතා පාගමනක නිරත වනවා.