"තරුණ භික්ෂූන් වහන්සේලා පෙරට එන්න" මහින්ද රාජපක්ෂ කියයි | Colombocall "තරුණ භික්ෂූන් වහන්සේලා පෙරට එන්න" මහින්ද රාජපක්ෂ කියයි - Colombocall

Hot News

"තරුණ භික්ෂූන් වහන්සේලා පෙරට එන්න" මහින්ද රාජපක්ෂ කියයි







ථෙරවාදී බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමට තරුණ භික්ෂූන් වහන්සේලා පෙරට ආ යුතු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.

පානදුර වෙහෙරවත්ත ශ්‍රී විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කෙරුණු විහාර මන්දිරය සහ ධර්ම ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

කෝට්ටේ කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක කොටපිටියේ රාහුල හිමියන්ද මෙහිදී අදහස් දැක්වූවා.

එහිදී සඳහන් කෙරුණේ ජනතාවට කොයි තරම් අපහසුතා තිබුණත් ආගම දහම වෙනුවෙන් කටයුතු කරන්නට කැප වෙන බවයි.