ඩුබායි හා ලංකාවේ අත් අඩංගුවට පත් වීමෙන් අනතුරුව නදීමාල් මුල් වරට ලංකාවේ නිවසට යයි
ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් යොවුන් ගායක නදීමාල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මුදා හැර තිබේ.
ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කළ නදීමාල් පෙරේරා හා බන්ධනාගාර නියාමක ලලිත් කුමාර නමැත්තා ඩුබායි ගුවන් සේවයට අයත් යානයකින් අද අලුයම දිවයිනට පැමිණියහ.
පසුව ඔවුන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට පත්වූහ.
මේ අතර ඩුබායි අත්අඩංගුවේ පසුවන මාකදුරේ මධුෂ්, ගායන ශිල්පී අමල් පෙරේරා ඇතුළු පිරිස හෙට එරට අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ පාතාල නායක මාකදුරේ මධුෂ් සමග ජනප්‍රිය ගායන ශිල්පී අමල් පෙරේරා, ඔහුගේ පුත්‍රයා ඇතුළු පිරිස ඩුබායි පොලිස් අත්අඩංගුවට පත්වූයේ , පසුගිය පෙබරවාරි 5 වනදා ය.