ඥානසාර හිමිව බන්ධනාගාර රෝහලේ උපස්ථාන කටයුතු සඳහා යොදවලා ! විස්තරේ මෙන්න | Colombocall ඥානසාර හිමිව බන්ධනාගාර රෝහලේ උපස්ථාන කටයුතු සඳහා යොදවලා ! විස්තරේ මෙන්න - Colombocall

Hot News

ඥානසාර හිමිව බන්ධනාගාර රෝහලේ උපස්ථාන කටයුතු සඳහා යොදවලා ! විස්තරේ මෙන්න






සිර දඬුවමට ලක්ව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් වැලිකඩ බන්ධනාගාර රෝහලේ උපස්ථාන කටයුතුවලට යොමු කර ඇතැයි වාර්තා වෙනවා.

උන්වහන්සේ ඊයේ (10) දිනය වන තෙක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබුවා. ඒ, වකුගඩු රෝගී තත්වයක් හේතුවෙන්.

කෙසේවෙතත් රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරිණිය ඊයේ තීරණය කර ඇත්තේ ඥාණසාර හිමියන්ගේ සෞඛ්‍ය තත්වය යහපත් බවයි.

 ඒ අනුව උන්වහන්සේ යළි වැලිකඩ බන්ධනාගාරයට යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ.

එහෙත් එහිදී දඬුවමට අදාළව තමන්ට පැවරුණු බන්ධනාගාර ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ඥාණසාර හිමියන් විරෝධය පළ කර ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග පැවසුවේ.

මේ අතර නව බන්ධනාගාර කොමසාරිස් ජනාරාල්වරයා ලෙස ජයසිරි තෙන්නකෝන් අද (11) සිය ධුරයේ වැඩ භාරගත්තා. ඒ අවස්ථාවේ කොළඹ පිහිටි බන්ධනාගාර නිල නිවාසවල රතිඤ්ඤා දැල්වුණු බවයි වාර්තා වුණේ.