මාදම්පේ පොහොට්ටු මන්ත්‍රී හදිසියේ ජීවිතයෙන් සමුගනී ! | Colombocall මාදම්පේ පොහොට්ටු මන්ත්‍රී හදිසියේ ජීවිතයෙන් සමුගනී ! - Colombocall

Hot News

මාදම්පේ පොහොට්ටු මන්ත්‍රී හදිසියේ ජීවිතයෙන් සමුගනී !



හලාවත ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු රිය අනතුරකින් මියගොස් තිබෙනවා.

මාදම්පේ හැලබණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි නුවන් සංජීව නමැති ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බව ආරංචි මාර්ග  පැවසුවා.

ඔහු ගමන්ගත් යතුරු පැදිය ඊයේ රාත්‍රියේ මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේදී ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා. හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී එම මන්ත්‍රීවරයා මියගොස් ඇති බව  වැඩිදුරටත් සදහන්.