"බස්නාහිරට වෙන් කරපු මුදල වගේ දහ ගුණයක් පොලොන්නරුවට වෙන් කිරීම වැරදි" ! ෆොන්සේකා ගේම ඉල්ලයි | Colombocall "බස්නාහිරට වෙන් කරපු මුදල වගේ දහ ගුණයක් පොලොන්නරුවට වෙන් කිරීම වැරදි" ! ෆොන්සේකා ගේම ඉල්ලයි - Colombocall

Hot News

"බස්නාහිරට වෙන් කරපු මුදල වගේ දහ ගුණයක් පොලොන්නරුවට වෙන් කිරීම වැරදි" ! ෆොන්සේකා ගේම ඉල්ලයි






2019 අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු දැන් කතා බහට ලක්වන තවත් ප්‍රධාන මාතෘකාවක් වන්නේ මෙම අයවැයෙහි ජනාධිපති වැය ශීර්ෂය පිළිබඳවයි. ජනාධිපති වැය ශීර්ෂය පරාජය කරන බව එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කළ ප්‍රකාශයක් ඊට හේතු වී තිබෙනවා.

අයවැය යෝජනා ඉදිරිපත් කිරීමෙන් පසුවද ඇතැම් මන්ත්‍රීවරුන් ඒ බව නැවත අවධාරණය කළා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා පෙන්වා දෙන්නේ "අයවැය ශීර්ෂයේ තියෙන සමහර දේවල් සාධාරණයි කියලා අපි හිතන්නේ නෑ. පුබුදමු පොළොන්නරුව කියලා එක්ක දාගෙන.. සාමාන්‍යයෙන් බස්නාහිර පළාතේ දිස්ත්‍රික්කයකට වෙන් කරන මුදල වගේ දස ගුණයක වගේ මුදලක් වෙන්කර ගන්නවා පොළොන්නරුව දිස්ත්‍රික්කයට. ඒවා සාධාරණ නෑනේ.. ඒ ආකාරයට අයථා මුදල් පරිහරණයට අපි ඉඩ දෙන්නේ නෑ මේ අවස්ථාවේ ජනාධිපතිට." යනුවෙනි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මීට සමාන අදහසක් පළ කළා. ඔහු පෙන්වා දුන්නේ  "ජනාධිපතිවරයාට මේ අවස්ථාවේ ඇත්තේ ආර්ථිකය ගැන උනන්දුවක් හෝ ජනතාව ගැන කැක්කුමක් නොව ඉදිරි මැතිවරණය වෙනුවෙන් කඳවුරක් එකතු කිරීම. ඒ අරමුණ වෙනුවෙන් මේ ජනතාවගේ බදු මුදල් පාවිච්චි කරන්න අපි ඉඩ දෙන්නේ නෑ. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රිවරුන්ගේ කණ්ඩායම ඒකමතිකව තීරණය කරලා තියෙනවා..එතුමාගේ වැය ශීර්ෂයට විරුද්ධව ඡන්දය දෙන්න." යනුවෙනි.

නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාරගෙන් ද මාධ්‍යවේදීන් මේ පිළිබඳ විමසා සිටියා. ඔහු සඳහන් කළේ මෙය දෙපැත්ත මැන බලා තීන්දුවක් ගැනීමට සිදුවෙන අවස්ථාවක් බවයි.

කෙසේවෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන පැවසුවේ ජනපතිගේ වැය ශීර්ෂය සම්බන්ධයෙන් කෙසේ ප්‍රතිචාර දක්වන්නේදැයි තවමත් තීරණය කර නොමැති බවයි.

මාධ්‍යවේදීන් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීරගෙන් ද ප්‍රශ්න කළා. ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය පරාජයවීම කිසිසේත් සිදු නොවන දෙයක් බවයි.

මේ අතර අයවැය දෙවන වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේ දී අද (06) සිදු කෙරෙනවා.