සුපිරි කැබ් රථ මිල ලක්ෂ පහකින් අඩු වෙයි ! ගන්නවා නම් මෙන්න විස්තරේ | Colombocall සුපිරි කැබ් රථ මිල ලක්ෂ පහකින් අඩු වෙයි ! ගන්නවා නම් මෙන්න විස්තරේ - Colombocall

Hot News

සුපිරි කැබ් රථ මිල ලක්ෂ පහකින් අඩු වෙයි ! ගන්නවා නම් මෙන්න විස්තරේ





මෙවර අයවැයෙන් කුඩා ට්‍රක් රථ සදහා පනවා ඇති බදු ඉවත් කිරීමෙන් කුඩා ලොරි රථවල මිල රුපියල් ලක්‍ෂයකින් හා සින්ගල් කැබ් රථයක මිල රුපියල් ලක්‍ෂ 5 කින් අඩුවන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

මේ අතර මෙවර අයවැයෙන් යෝජනා කෙරුණු විදුලි වාහනවලට අදාළ බදු සහනයේ ගැටළුවක් ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

මෙවර අයවැයෙන් යෝජනා කර තිබුණේ කිලෝවොට් හැත්තෑවේ විදුලි මෝටර් වාහන මත නිෂ්පාදන බද්ද රුපියල් එක් ලක්‍ෂ හැත්තෑ පන්දහසකින් අඩු කිරීමටයි.

එහෙත් මේ වනවිට කිලෝවොට් හැත්තෑවේ විදුලි මෝටර් රථ මෙරටට ආනයනය නොකරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසුවා. මේ වනවිට දිවයිනට ගෙන්වන්නේ කිලෝවොට් 110 විදුලි මෝටර් රථ බවද  ප්‍රකාශ කෙරුණා.

ඒ අනුව අදාළ යෝජනාව පිළිබද ඉදිරියේදී සලකා බලන බව රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ මූල්‍ය අංශයේ අධ්‍යක්‍ෂ විමලේන්ද්‍ර රාජා ප්‍රකාශ කළා.

මේ අතර හෝම් ස්වීට් හෝම් ණය පහසුකම ලබාගත හැක්කේ අවුරුදු 18 සිට 40 දක්වා අලූතින් විවාහ වන යුවලවලට පමණක් බවත් මුදල් අමාත්‍යවරයා මංගල සමරවීර පැවසුවා.