වාහනේ එළවන ගමන් පූසට සෙනහස දක්වන්න ගිහින් මැරුණු හැටි ! | Colombocall වාහනේ එළවන ගමන් පූසට සෙනහස දක්වන්න ගිහින් මැරුණු හැටි ! - Colombocall

Hot News

වාහනේ එළවන ගමන් පූසට සෙනහස දක්වන්න ගිහින් මැරුණු හැටි !







මහ මග ධාවනය වූ ත්‍රීරෝද රථයක් පෙරළී එය පැදවූ රියැදුරු මහ මගට ඇදවැටී සිටියදී වෙනත් දෙසකින් පැමිණි මෝටර් රථයකට යටවී ත්‍රීරෝද රථ රියැදුරා මරණයට පත්ව ඇත.

මරණයට පත්ව ඇත්තේ මිද්දෙනිය සමූහ ගොවිපළ ලිපිනයේ පදිංචිව සිටි කරුණා ගමගේ නිශාන්ත නමැති 40 හැවිරිදි අයෙකි.

 හුංගම මිද්දෙනිය මාර්ගයේ මුරුංගගස්යාය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත. පාර හරහා ගිය පූසකු ත්‍රීරෝද රියට යටවීම වළකාලීමට උත්සාහ කිරීමේදී එය පෙරළී තිබේ.

 මහ මඟ වැටී සිටි රියැදුරු විරුද්ධ දෙසින් පැමිණි මෝටර් රථයට යටවී තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.

 අනතුර සිදු කළ මෝටර් රථය පැදවූ එච්. ඩබ්ලිව්. අජිත් සිසිර කුමාර යන අය මිද්දෙනිය පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.