නදීමාල් පෙරේරා රටින් පිටුවල් කරයි ! පොලිසිය මඟබලා හිඳ අත් අඩංගුවට ගනී !
ඩුබායිහිදී අත්අඩංගුවට ගැණුනු මාකදුරේ මදූෂ් ඇතුළු 31 දෙනා අතරින් ගායන ශිල්පී අමල් පෙරේරාගේ පුත් නදීමාල් පෙරේරා සහ තවත් අයෙකු ඩුබායිවලින් පිටුවහල් කර තිබෙනවා.
මෙලෙස පිටුවහල් කළ අනෙක් පුද්ගලයා වන්නේ හිටපු බන්ධනාගාර කොමසාරිස්වරයෙකු වන ලලිත් කුරේ නැමැත්තායි.
ඊයේ (26) මෙලෙස දෙදෙනා පිටුවහල් කර ඇති අතර අද (27) අලුයම එම දෙදෙනාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන්ගෙන් වැඩි දුර ප්රකාශ සටහන් කරගෙන ඉදිරි නීතිමය කටයුතු සිදු කරන බවත් වාර්තා වුණා.