වස විස සහිත දේවල් නොවිකුණන ලංකාවේ එකම පොළ ! | Colombocall වස විස සහිත දේවල් නොවිකුණන ලංකාවේ එකම පොළ ! - Colombocall

Hot News

වස විස සහිත දේවල් නොවිකුණන ලංකාවේ එකම පොළ !






ශ්‍රී ලංකා ජාතික මහ සභාව විසින් සංවිධාන කරන වස විෂ නැති ජාතික පොළ හා ප්‍රදර්ශනය ලබන 30 වනදා ආරම්භ වනවා.

කොළඹ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණශාලා පරිශ්‍රයේදී අප්‍රේල් මස පළමු වනදා දක්වා එය පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

වස විසෙන් තොර ආහාර පරිභෝජන රටාවකට ජනතාව හුරු කිරීම මෙහි අරමුණයි.

මෙතෙක් සිදු කළ වැරදි නිවැරදි කර ගනිමින් නිසි පරිභෝජන රටාවකට යොමුවීම සදහා මෙය අවස්ථාවක් කර ගතයුතු බවයි රංගන ශිල්පි ධනංජය සිරිවර්ධන පවසන්නේ.