විපක්ෂ නායකවරයා බෙලිඅත්තේ නිවස තුල වූ වෙඩි තැබීමකින් මරණයට පත් වෙයි | Colombocall විපක්ෂ නායකවරයා බෙලිඅත්තේ නිවස තුල වූ වෙඩි තැබීමකින් මරණයට පත් වෙයි - Colombocall

Hot News

විපක්ෂ නායකවරයා බෙලිඅත්තේ නිවස තුල වූ වෙඩි තැබීමකින් මරණයට පත් වෙයි







වෙඩි වැදී රෝහල් ගත කර සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අමරකෝන් මනම්පේරිගේ කපිල ප්‍රියදර්ශන අද (22) උදෑසන මිය ගොස් තිබෙනවා.
පසුගිය 20 දා සිය නිවස තුලදී මන්ත්‍රීවරයා සිය නිවස තුලදී වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබුනා. 
මන්ත්‍රීවරයාගේ පාදයට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී තිබූ අතර අධික රුධිර වහනය හේතුවෙන් මන්ත්‍රීවරයා මිය ගොස් ඇතැයි කියවෙනවා.
වෙඩි වැදී නිවසේ සිටියදී සොයා ගත් මන්ත්‍රීවරයා ප්‍රථිකාර සදහා තංගල්ල මූලික රෝහලට ඇතුලත් කළ අතර ඉන්පසුව කරාපිටිය රෝහලට මාරු කර යැවුනා.
මන්ත්‍රීවරයාට කිසිවෙකු විසින් වෙඩි තැබුවාද එසේත් නොමැති නම් මන්ත්‍රීවරයා විසින්ම තමන්ට වෙඩි තබා ගත්තේදැයි තවමත් හෙළිව නැහැ.
 මන්ත්‍රීවරයාගේ නිවසේ තිබියදී ගිනි අවියක් සහ පතොරම් හතරක් සොයා ගැනීමට පොලීසිය සමත්ව තිබේ.