රනිල්ගෙන් හොඳ වැඩක් ! ලංකාවේ විශාලතම කළාපය | Colombocall රනිල්ගෙන් හොඳ වැඩක් ! ලංකාවේ විශාලතම කළාපය - Colombocall

Hot News

රනිල්ගෙන් හොඳ වැඩක් ! ලංකාවේ විශාලතම කළාපය





ශ්‍රී ලංකාවේ විශාතලම අපනයන සැකසුම් කලාපය බිංගිරියේ දී අද (04) ආරම්භ වනවා. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

ඍජු විදේශ ආයෝජන, අපනයන වැඩි කිරීම සහ රැකියා උත්පාදනය මෙමගින් අපේක්ෂා කරන බව සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නලීන් බණ්ඩාර පවසනවා.

මෙවැනි අපනයන සැකසුම් කලාපයක් මෙලෙස ශ්‍රී ලංකාවේ ආරම්භ වන්නේ වසර 15කට පසුව පළමු වරට බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

බිංගිරිය අපනයන සැකසුම් කලාපය අදියර 03ක් යටතේ සංවර්ධනය කෙරෙනවා.

 පළමු අදියරේදී ජර්මන්වත්ත නැමැති අක්කර 164ක භූමි ප්‍රදේශයක් සංවර්ධනය කර නව කර්මාන්තශාලා 25ක් පිහිටුවීමට නියමිතයි. ඍජු රැකියා 10,000ක් ද වක්‍ර රැකියා 3,000ක් ද මෙමගින් අපේක්ෂා කෙරෙනවා.

දෙවන අදියරේදී ගොරකගස්ආර ප්‍රදේශයේ අක්කර 282ක් සංවර්ධනය කිරීමට නියමිතයි. එහි පිහිටුවන නව කර්මාන්තශාලාවලින් ඍජු රැකියා 25,000ක් සහ වක්‍ර රැකියා 10,000ක් අපේක්ෂා කෙරෙනවා.

03 වන අදියර සඳහා හඳුනාගෙන ඇති ඉඩම් ප්‍රමාණය අක්කර 1200ක්. එහි පිහිටුවන කර්මාන්තශාලාවලින් ඍජු රැකියා 75,000ක් උත්පාදනය වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මෙම සම්පූර්ණ ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතව ඇත්තේ වසර 08ත් 12ත් අතර කාලයකදීයි.