දෙරණට ෆේස්බුක් ආයතනයෙන් සැර කණේ පහරක් ! | Colombocall දෙරණට ෆේස්බුක් ආයතනයෙන් සැර කණේ පහරක් ! - Colombocall

Hot News

දෙරණට ෆේස්බුක් ආයතනයෙන් සැර කණේ පහරක් !






දෙරණ මාධ්‍ය ආයතනයේ නිවේදකයකු වන චාපා බණ්ඩාර මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහට ලක් වන චරිතයක් වී තිබෙනවා.

මීට හේතුව වූයේ පසුගිය දිනක නවසීලන්තයේදී තුවක්කුකරුවකු මුස්ලිම් පල්ලියකට කඩා වැදී පුද්ගලයින් 49 දෙනකු මරා දැමූ සිද්ධියක් සම්බන්ධයෙන් දෙරණ නිවේදක චාපා බණ්ඩාර ෆේස්බුක් ඔස්සේ තැබූ සටහනයි.

එම සටහන පහළින් දැක්වේ



කෙසේ නමුත් "දෙරණ මාධ්‍ය නාලිකාව" මහා වීරයකු සේ සලකන "චාපා" ට ෆේස්බුක් ආයතනය සැර කණේ පහරක් ගසා තිබෙනවා.එනම් එම සටහන ඉවත් කර දැමීමට තීරණය කිරීමයි. ඒ සමඟම ඊට අදාළව චාපා ෆේස්බුක් ඔස්සේ කමෙන්ට් කරමින් දක්වා තිබූ අදහස් ද ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ලෝකය පුරා බොහෝ දෙනෙක් කම්පාවට පත් කරමින් ත්‍රස්තකරුවා එල්ල කළ ප්‍රහාරය පිළිබඳ ලෝක බලවතුන් පවා තම කණස්සල්ල පලකර තිබූ අවස්ථාවක තම සිතෙහි තිබූ කුහක අදහසක් ලෝකය හමුවේ නිරාවරණය කරමින් "දෙරණ මාධ්‍යජාලයේ" නිවේදකයකු වන "චාපා" සිදු කළ ක්‍රියාවෙන්  ලංකාවේ කීර්ති නාමය විදෙස් රටවල් ඉදිරියේ හෑල්ලුවට ලක්වීම සිදුවෙනවා.

ජාති , ආගම් භේද කෙසේ වෙතත් මෙවන් අවස්ථාවක මාධ්‍යවේදියකු ක්‍රියාකළ යුතු ආකාරයවත් නොදැන චේතාන්විතව තමාගේ මෝඩකම ප්‍රදර්ශනය කරන නිවේදකයින් රූපවාහිනී ආයතනයක සේවයේ තබාගනිමින් "දෙරණ මාධ්‍යජාලය" සිදුකරන ක්‍රියාව පවා බොහෝ දෙනකුගේ දෝෂාරෝපණයට හේතු වී තිබෙනවා.

කෙසේ නමුත් ඉතිහාසයේ පළමු වතාවට ලංකාවේ මාධ්‍ය ආයතනයක සේවය කරන පුද්ගලයකු තැබූ සටහනක් නිසා ලොවක් ඉදිරියේ ලංකාවේ කීර්තිනාමයට කැළලක් එකතු වීම සිදු වුණා.එසේම මෙවන් අවස්ථාවක් යටතේ "දෙරණ" නිවේදකයකුගේ පෝස්ට් හා කමෙන්ට් ඉවත් කිරීමට ෆේස්බුක් ආයතනය කටයුතු කළ පළමු අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසගත වෙනවා.