"යසන්ත කෝදාගොඩ" ජනාධිපති මෛත්‍රිපාල ඉදිරියේ දිවුරුම් දෙයි !
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
නව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ලෙස යසන්ත කෝදාගොඩ පත් කිරීමට පසුගිය 23 වැනිදා කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ ව්‍යවස්ථාදායක සභාව තීරණය කර තිබුණා.
ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිර්දේශය කළ අදාළ නමට අනුමැතිය ලබා දෙමින්.