හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුවේ අළුත්ම තත්වය මෙන්න ! | Colombocall හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුවේ අළුත්ම තත්වය මෙන්න ! - Colombocall

Hot News

හිරුණිකාගේ ඩිෆෙන්ඩර් නඩුවේ අළුත්ම තත්වය මෙන්න !







තරුණයෙකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැර ගෙන යාම සම්බන්ධයෙන් සිද්ධියකට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව පවරා ඇති නඩුව ලබන අප්‍රේල් 24 වනදා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද (12) නියෝග කළා.

මෙම පැහැරගෙන යාම සිදු වුණේ දෙමටගොඩ ප්‍රදේශයේදීයි.

නඩුව, විනිසුරු ශෂී මහේන්ද්‍රන් ඉදිරියේ අද කැඳවන ලද අතර එහෙත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර  අධිකරණයේ පෙනී සිටියේ නැහැ.

 ඇගේ නීතිඥවරයා විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාගේ ලිපියක් ද ඉදිරිපත් කරමින් කියා සිටියේ ඇය අද දිනයේ පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගී වන බවයි.

 නඩුව අප්‍රේල් මස 24 වනදා විභාග කිරීමට නියම කෙරුණේ ද ඒ බව සැලකිල්ලට ගනිමින්.

මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් 07 දෙනෙකු මීට පෙර ඔවුන්ට එරෙහි චෝදනාවලට වරද පිළිගත්තා.

 ඒ අනුව ඔවුන්ට වසර 12කට අත්හිටවූ වසර 02 බැගින් සිර දඩුවම් නියම කර තිබෙනවා.