"ලසිත් මාලිංග" ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශ කරයි | Colombocall "ලසිත් මාලිංග" ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශ කරයි - Colombocall

Hot News

"ලසිත් මාලිංග" ක්‍රිකට් දිවියෙන් සමුගන්නා බව ප්‍රකාශ කරයි





ලබන වසරේ පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු තමන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි විස්ස නායක ලසිත් මාලිංග පවසනවා. 
දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග ඊයේ පැවති දෙවන විස්සයි විස්ස තරගයෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කියාසිටියා. මාලිංග මේ දක්වා විස්සයි විස්ස තරගවලදි දවාගෙන ඇති කඩුළු සංඛ්‍යාව 97 ක්. ඔහුට වඩා ඉහළින් සිටින්නේ පාකිස්තානය නියෝජනය කළ සහීඞ් අෆ්රිඩි පමණයි. 
අෆ්රිඩි විස්සයි විස්ස කඩුළු 98 ක් දවාගෙන තිබෙනවා. ඒ අනුව විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල වැඩිම කඩුළු ලාභියාවීමට ලසිත් මාලිංගට අවශ්‍ය වන්නේ තවත් කඩුළු 2 ක් පමණයි. අයි පී එල් තරගාවලියේ වැඩිම කඩුළුලාභියා ලෙසද වාර්තා අතරට එක්ව සිටින්නේ ලසිත් මාලිංගයි.
මේ අතර අයි පී එල් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කරන ලසිත් මාලිංගට එහි පළමු තරග 6 අහිමි වී තිබෙනවා. ඒ, ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙය වන අන්තර් පළාත් ක්‍රිකට් තරගාවලියට සහභාගිවීම හේතුවෙන්. 
ගාල්ල කණ්ඩායමේ නායකත්වය දරන්නේද ලසිත් මාලිංගයි. 
එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සදහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරාගනු ලබන්නේ එම තරගාවලියේ දක්‍ෂතා අනුවයි.