ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව වෙනසක් ! | Colombocall ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව වෙනසක් ! - Colombocall

Hot News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්ව වෙනසක් !






ශ්‍රී ලංකා එක්දින නායකත්වයේ යළි වෙනසක් සිදු වනු ඇතැයි ක්‍රිකට් ආරංචි පවසනවා.
දකුණු අප්‍රිකාව සමග පැවැති එක්දින තරගාවලියේදී ලසිත් මාලිංග, නායකයෙකු ලෙස අසාර්ථක වීම ඊට හේතුවයි. 
ලසිත් මාලිංග නායකත්වය ගෙන මේ දක්වා ක්‍රීඩා කර ඇති එක්දින තරග 07ම පරාජය වී තිබෙනවා. 

එළඹෙන ලෝක කුසලාන තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට නව නායකයෙකු පත් කර ගැනීමටයි ක්‍රිකට් ප්‍රධානීන්ගේ අදහස වී ඇත්තේ.
ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න ද එක්දින නායකත්වයට යෝජනා වී ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් නෙත් ස්පෝට්ස්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වාගෙන් විමසීමක් කළා. 

ඔහු කියා සිටියේ ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති අසන්ත ද මෙල් ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඔහු ද කියා සිටියේ නව එක්දින නායකයෙකු පත් කර ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි. 

කණ්ඩායමේ එකමුතුකම ගොඩනැගිය හැකි ක්‍රීඩකයකු එක්දින නායකත්වයට පත් කළ යුතු බවයි ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියේ. 
මේ අතර ශ්‍රී ලංකා - දකුණු අප්‍රිකා සිව්වන එක්දින ක්‍රිකට් තරගය පෝට් එලිසබෙත් හිදී හෙට (13) පැවැත්වීමට නියමිතයි.