රැකියා සඳහා ඕමාන්, සවුදි ,කුවේට් ගිහින් හමාරයි ! ලාංකිකයින් නොගැනීමට දැඩි නීති ! | Colombocall රැකියා සඳහා ඕමාන්, සවුදි ,කුවේට් ගිහින් හමාරයි ! ලාංකිකයින් නොගැනීමට දැඩි නීති ! - Colombocall

Hot News

රැකියා සඳහා ඕමාන්, සවුදි ,කුවේට් ගිහින් හමාරයි ! ලාංකිකයින් නොගැනීමට දැඩි නීති !






 රැකියා සඳහා තවදුරටත් අලූතින් විදේශිකයින් බඳවා නොගැනීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, සවුදි අරාබිය සහ කුවේට් රාජ්‍ය තීරණය කර තිබෙනවා.

අදාළ ක්ෂේත‍්‍ර වල දැනටමත් රැකියාවන්හි යෙදී සිටින විදේශිකයින්ගෙන් වයස අවුරුදු 40 ඉක්මවූවන්ට සේවා දිගු ලබා නොදීමට ද ඔවුන් තීරණය කර ඇති බවයි ‘‘ඇරබියා ටුඬේ’’ ප්‍රවෘත්ති සේවය පවසනවා.

 එක්සත් අරාබි එමීර් රාජ්‍යය,  ඕමාන් සහ සවුදි අරාබිය ලබන මාසයේ සිට මීට අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කරනු ඇති. කුවේට් රාජ්‍යය අදාළ රෙගුලාසි ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත්තේ ලබන මැයි මාසයේ සිටයි.

සිය පුරවැසියන් දැනුමෙන් සන්නද්ධ කර වෘත්තීය අවස්ථා වැඩි ප්‍රමාණයක් ඔවුන්ට ලබා දීම මෙම රටවල අපේක්‍ෂාව වී තිබෙනවා. ඒ වෙනුවෙන් දැනුම ගම්මාන පිහිටුවමින් ඔවුන් ඉකුත් සමයේ විවිධ ව්‍යාපෘතීන් ආරම්භ කළා.

 ඒ යටතේ දැනුමෙන් සන්නද්ධවූවන් දැන් ශ්‍රම බලකායට එක්වීමට සූදානම් බවයි ‘‘ඇරබියා ටුඬේ’’ ප්‍රවෘත්ති සේවය පළ කළ වාර්තාවේ දැක්වෙන්නේ.

හදුනාගත් ක්‍ෂේත්‍ර 35ක රැකියා සදහා විදේශිකයන් තවදුරටත් බදවා නොගැනීමට මෙම රටවල් තීරණය කර ඇත්තේද ඔවුන්ට රැකියා අවස්ථා ලබාදීම සදහායි.

ඖෂධවේදීන්, පරිපාලන ලිපිකරුවන්, ගබඩා පාලකවරුන්, මානව සම්පත් නිලධාරීන්, පිළිගැනීමේ නිලධාරීන්, රාජ්‍ය දෙපාර්තමේන්තු සේවකයින්, ආරක්ෂක නිලධාරීන්, පරිපාලන කළමනාකරුවන් මේ යටතේ විදේශිකයන්ට අහිමි වන රැකියා කිහිපයක්.

පුස්තකාලාධිපතිවරුන්, මිලදී ගැනීමේ කළමනාකරුවන්,  තැපැල්කරුවන්, ලේකම්වරුන්, ණය එකතුකරන්නන්, අයකැමි සහ සංචාරක මගපෙන්වන්නන් සඳහා ද මෙහිදී විදේශිකයන්ට රැකියා අහිමි වනු ඇති.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය,  ඕමාන්, සවුදි අරාබිය සහ කුවේට් යවන රටවල ශ්‍රී ලාංකිකයින් ද මෙම රැකියාවල නිරත වී සිටිනවා.