ජපානෙන් උස්සලා ලංකාවේ කෑලි එකතුකරලා හදපු සුපිරි වන්ඩිය මාට්ටු ! සුපිරියටම හදපු නිසා වටිනාකම කෝටි 6 ක් ! | Colombocall ජපානෙන් උස්සලා ලංකාවේ කෑලි එකතුකරලා හදපු සුපිරි වන්ඩිය මාට්ටු ! සුපිරියටම හදපු නිසා වටිනාකම කෝටි 6 ක් ! - Colombocall

Hot News

ජපානෙන් උස්සලා ලංකාවේ කෑලි එකතුකරලා හදපු සුපිරි වන්ඩිය මාට්ටු ! සුපිරියටම හදපු නිසා වටිනාකම කෝටි 6 ක් !







නීති විරෝධී ලෙස කොටස් වශයෙන් මෙරටට ගෙන්වා සාදන ලද ජපානයේ නිෂ්පාදිත ටොයෝටා V8 වර්ගයේ ජීප් රථයක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (19) සවස අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.

පානදුර වලාන දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කිරිබත්ගොඩ පොලිස් වසමේ අංක 54/02 වේවැල්දූව කැළණිය යන ලිපිනයේ පිහිටි නිවසේදී මෙම සොයා ගැනීම සිදු කර තිබෙනවා.

අත්අඩංගුවට පත්ව ඇති සැකකරු වයස අවුරුදු 38ක් පමණ වූ ඩිලුක් චාමර නැමැති අයෙක්.

සිදු කෙරුණු ප්‍රශ්න කිරීම්වලදී අදාළ ජීප් රථය මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති බවත් මෙම ජීප් රථය ජපානයේදී සොරකම් කරන ලද එකක් බවත් අනාවරණය වී තිබෙනවා.

 අදාළ ජීප් රථයේ වෙළඳපොල වටිනාකම රුපියල් කෝටි 04ක් පමණ වන බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.