රත්තරං දේශපාලනයෙන් සමුගනී ! දැරිය දූෂණ නඩුව අප්‍රේල් 30 | Colombocall රත්තරං දේශපාලනයෙන් සමුගනී ! දැරිය දූෂණ නඩුව අප්‍රේල් 30 - Colombocall

Hot News

රත්තරං දේශපාලනයෙන් සමුගනී ! දැරිය දූෂණ නඩුව අප්‍රේල් 30







දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්ප කුමාර නොහොත් "රත්තරං" දකුණු පළාත් සභා මන්ත්‍රි ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව පවසනවා.

වයස අවුරුදු 16ක දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් එල්ල වූ චෝදනාවක් හේතුවෙන් පසුගිය සමයේ ඔහු පිළිබඳ දැඩි කතාබහක් මතු වුණා.

නඩු කටයුතු අවසන් වූ පසු නැවත දේශපාලනයට එක් වීමට අදහසක් තිබෙන බව ද ඔහු කියා තිබෙනවා.

කෙසේ වෙතත් මීට පෙර ඔහුට මරණ තර්ජන පවා තිබෙන බව ඔහු කියා සිටියා.

සමාජ මාධ්‍ය තුළ ඔහුගේ ක්‍රියාකලාපය දැඩි විවේචනයට ලක් වී තිබුණා.