"අලුත් බැඳපු ජෝඩු වලට ගෙයක්" ! 2019 අයවැයට මංගල පාර්ලිමේන්තුවේදී කියපු ප්‍රධාන වාසි ඔක්කොම මෙන්න. | Colombocall "අලුත් බැඳපු ජෝඩු වලට ගෙයක්" ! 2019 අයවැයට මංගල පාර්ලිමේන්තුවේදී කියපු ප්‍රධාන වාසි ඔක්කොම මෙන්න. - Colombocall

Hot News

"අලුත් බැඳපු ජෝඩු වලට ගෙයක්" ! 2019 අයවැයට මංගල පාර්ලිමේන්තුවේදී කියපු ප්‍රධාන වාසි ඔක්කොම මෙන්න.









 " අලුතෙන් බඳින ජෝඩු වලට වසර 25කින් ගෙවන ණයක්. (6%  පොලිය)

යාපනයේ පැරණි මහ නගර සභාව සංවර්ධනය කිරීමට මිලියන 700 ක් වෙන් කෙරේ

බේරේ වැව පවිත්‍ර කිරීමට ව්‍යාපෘතියක්

ලංගමට බස් රථ 250ක් සහ පෞද්ගලික අංශයට සුඛෝපභෝගී බස් රථ 1000ක්

රථවාහන තදබදය අඩු කිරීම සඳහා ඝ්ඵ්S මගින් බස් රථවල තොරතුරු මගියාට සම්ප්‍රේෂණයට වැඩපිළිවෙලක්.

ප්‍රධාන දුම්රිය මාර්ග 4ක ධවනය කෙරෙන දුම්රියන් හි මැදිරි පෞද්ගලික අංශය වෙත කුලියට ලබා දීමේ ක්‍රමයක් යෝජනා කරයි

ජුලි මස 01 සිට රජයේ සේවකයින්ට රුපියල් 2500 ක දීමනාවක්

මිනි ටැක්සි ත්‍රීවීලර් රියදුරන්ට රජයෙන් විශේෂ ණය යෝජනා ක්‍රමයක්

2016 ජනවාරියට පෙර සහ පසු විශ්‍රාම ගිය පිරිසේ විශ්‍රාම වැටුප වෙනසේ ගැටලුව නිරාකරණය කරෙයි. ඒ සඳහා තවත් රුපියල් මිලියන 12000ක් වෙන් කෙරෙයි. විශ්‍රාමිකයන් 585,000කට මෙයින් ප්‍රතිලාබ ලැබේ.

අල්ලස් කොමිසම ශක්තිමත් කිරීමට රුපියල් මිලියන 100ක්

සමෘද්ධිය අසාර්ථක වී ඇත. ඇතැම් නිලධාරීන් දේශපාලනිකරණයට ලක්වූ දේශපාලන ව්‍යාපාරයක් බවට එය පත්වී ඇත. ප්‍රතිලාභ හිමිවිය යුතු අයට ඉන් අවශ්‍ය පහසුකම් සැපයෙන්නේ නැහැ. දුබල අයගේ ආර්ථික ගැටළු ඒ ආකාරයෙන්ම පවතින නිසා සමෘද්ධිය ප්‍රතිනියාමනය කිරීමට යෝජනා කෙරේ. ඒ අනුව තවත් පුද්ගලයින් ලක්ෂ 6ක් සමෘද්ධි ප්‍රතිලාභ සඳහා එක් කිරීමට යෝජනා කෙරේ.

හමුදා සාමාජිකයන්ගේ නිලඇඳුම් දීමනාව වැඩිකෙරේ.

කමාන්ඩෝ බලකායට ලබා දෙන රු. 1000ක දීමනාව රු. 5000 දක්වා ඉහළට. ත්‍රිවිධ හමුදා නිවාස කුලී දීමනාව සීයට සියයකින් ඉහළ දැමීමට යෝජනා කෙරේ.


උසස් පෙළ විශිෂ්ඨයින්ට ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලවල ඉගනීම සඳහා අරමුදලක් - මේ වසරේ 14 දෙනෙකුට අවස්ථාව

උසස් පෙළින් පසු විශ්ව විද්‍යාල වරම් නොලබන සිසුන් වෙනුවෙන් ‘‘මගේ අනාගතය‘‘ නමින් මිලියන 1.1 ක ණයක්

විදුලි වාහන : කි.වො. 70 මෝටර් වාහන මත නිෂ්පාදන බද්ද රු. 175,000 කින් වැඩි කෙරේ.

ත්‍රිරෝද රථ : සිලින්ඩර් ධාරිතාව 200ක් වන ත්‍රිරෝද රථ මත නිෂ්පාදන බද්ද රු. 60,000කින් වැඩි කෙරේ.

පෙර පාසල් සඳහා ජාතික විෂයමාලා රාමුවක් සහ පෙරපාසල් නියාමනයට නෛතික රාමුවක්.

උසස් පෙළ විශිෂ්ඨයින්ට ලෝකයේ හොඳම විශ්ව විද්‍යාලවල ඉගනීම සඳහා අරමුදලක් - මේ වසරේ 14 දෙනෙකුට අවස්ථාව

සිගරට් මත නිෂ්පාදන බද්ද රු. 5කින් ඉහළදැමේ.

මි.ලි. 750 සැර මත්පැන් බෝතලයක් මත වන නිෂ්පාදන බද්ද රු. 63කින් සහ හා ධාන්‍ය මත්පැන් මි.ලි. 330 ක කැන් එකක් මත නිෂ්පාදන බද්ද රු. 9කින් ඉහළ දැමේ.

දෙමුහුන් වාහන : සිලින්ඩර් ධාරිතාව 800 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 250,000 කින් හා සිලින්ඩර් ධාරිතාව 1500 ට අඩු දෙමුහුන් වාහන මත නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කෙරේ.

සිලින්ඩර් ධාරිතාව 800ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 150,000/- කින් හා සිලින්ඩර් ධාරිතාව 1000ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 175,000 කින්ද, සිලින්ඩර් ධාරිතාව 1300 ට අඩු පෙට්ට්‍රල් වාහන සඳහා නිෂ්පාදන බද්ද රු. 500,000 කින් වැඩි කෙරේ

විදේශයන්හි සේවය කර පැමිණෙන පුද්ගලයන්ට "සිහින මාලිගා ණය" ක්‍රමය හඳුන්වා දෙනවා. පළමු අවුරුදු දෙක තුලදී ණය මුදල් ගෙවීමට අවශ්‍ය නොවේ. මෙම ණය අවුරුදු 15කදී ගෙවා අවසන් කළ හැකි.


නාගරික පුණර්ජීවන ව්‍යාපෘතිය සහ නිවාස ගම්මාන නිවාස ව්‍යාපෘතිය වෙනුවෙන් 2019 රුපියල් මිලියන 24000ක් වෙන් කෙරේ.

අබාධිත පුද්ගලයින් සඳහා ලබා දෙන රු. 3000ක දීමනාව රු. 5000 දක්වා ඉහළට

විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයින්ට ගෙවන 3000 මාසික දීමනාව 5000 දක්වා වැඩි කිරීමට පියවර

නිදන්ගත වකුගඩු රෝගීන් 21,000 ක් වෙනුවෙන් ලබා දෙන දීමනාව තවත් වකුගඩු රෝගීන් 5000ක් වෙනුවෙන් ලබා දීමට මුදල් වෙන් කිරීමට යෝජනා කරයි.

ප්‍රසූත නිවාඩු මාස තුනක් ලබා දීමට පෞද්ගලික අංශය දිරිමත් කරනවා. ප්‍රසූත නිවාඩු මාස හතර දක්වා ලබා දෙන්නේ නම් අතිරේක අඩු කිරීම සියයට සියය දක්වා ලබා දෙනවා.

හෙරොයින් ආදී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ට වීරවිල හා අඹේපුස්සේ නව පුනරුත්ථාපන මධ්‍යස්ථාන දෙකක් සහ බන්ධනාගාරවල ඉන්න කාන්තාවන්ට දොම්පෙ ප්‍රදේශයේ අත්කම් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයක්.

සෑම ප්‍රධාන බස් නැවතුමක් සහ දුම්රිය පළකම නවීන වැසිකිළි තනා නඩත්තු කටයුතු පුද්ගලික අංශයට බාර දීමට මේ වසර අවසන් වීමට පෙර කටයුතු කෙරේ

මේ වසර අවසන් වන කොට රට පුරා වැසිකිලි සාදා අවසන් කිරීමට රුපියල් බිලියන 04ක් වෙන් කෙරේ.

සියලුම ග්‍රාමීය පාසල් දරුවන්ට නොමිලේ කිරි වීදුරුවක්

කුරුඳු අපනයනය වැඩි කිරීමට කටයුතු කරන අතර කුරුඳු කර්මාන්තය පුහුණු කිරීමේ ආයතනය වෙනුවෙන් රුපියල් මිලියන 75ක් වෙන් කර තිබෙනවා.

රබර් කර්මාන්තය ඉහල නැංවීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.

කුඩා ට්‍රක් රථ මත පනවා ඇති නිෂ්පාදන බදු අඩු කිරීමට යෝජනා

ගම්පෙරළිය ණය ක්‍රමය සඳහා රුපියල් මිලියන 48,000ක් වෙන් කර ඇත

අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වැඩි අරමුදල් ප්‍රමාණයක් ලබා දෙනවා - මුදල් අමාත්‍ය

නව ව්‍යවසායකයන් අධෛර්යමත් වන ආකාරයට වැඩ කරන බැංකු නිලධාරීන් ඉන්නවා. ඒ පිළිබදව දැනුම් දීමට විශේෂ අංකයක් හඳුන්වා දී තිබෙනවා. 1925 යන අංකයට දැනුම් දුන් විට මුදල් අමාත්‍යවරයා ලෙස තමන්ට සහ අදාළ බැංකුවට තොරතුරු යනවා.

රබර් කර්මාන්තය ඉහල නැංවීමට රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.


වෙරල සංරක්ෂණයට කඩොලාන පද්ධති ඇති කිරීමට මිලියන 50ක් වෙන් කිරීමට යෝජනා කෙරේ.

කොළඹ නගරය අලංකරණයට රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට යෝජනා කෙරේ

ගුරු වැටුප 16000 සිට 29000 දක්වා වර්ධනයට පියවර . "

(මංගල සමරවීර පාර්ලිමේන්තුවේදී කළ කතාව තුළ අන්තර්ගත කරුණු සංක්ෂිප්ත කර මෙහි දක්වා ඇත. )

එමෙන්ම බොහෝ දෙනෙක් ප්‍රකාශ කර සිටියේ මෙය ඉතා හොඳ මට්ටමේ අයවැයක් බවයි.