බොන්ඩ සල්ලි හොයාගන්න තමන්ගෙ දුවව රුපියල් 1000 කට විකුණපු දකුණේ මිනිහා | Colombocall බොන්ඩ සල්ලි හොයාගන්න තමන්ගෙ දුවව රුපියල් 1000 කට විකුණපු දකුණේ මිනිහා - Colombocall

Hot News

බොන්ඩ සල්ලි හොයාගන්න තමන්ගෙ දුවව රුපියල් 1000 කට විකුණපු දකුණේ මිනිහා






මත්වතුර බීම සඳහා මුදල් නොමැතිවීම නිසා දින පහක් වයසැති සිය බිලිඳා මවගෙන් රැගෙන ගොස් ‍රුපියල් 1000 ක මුදලකට ඇසල්වැසි කාන්තාවකට අලෙවිකළ නරුම පියෙකු පිළිබඳ පුවතක්  දික්වැල්ල පොලිසියෙන් වාර්තා වුණා. 

අදාල සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි වික්‍රමසිංහ කන්දගේ දමිත් ප්‍රියන්ත නමැති දරුවන් හතරදෙනකුගේ පියෙකු බවයි වාර්තා වන්නේ.
ලැබුණු තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ දික්වැල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාර පියා අත්අඩංගුවට ගෙන මාතර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු චම්පික රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කර තිබෙනවා.
එහිදී  සැකකාර පියාට රුපියල් පන්දහසක මුදල් ඇපයක් තබන ලෙසටත් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් තබන ලෙසටත් නියෝග කර එළඹෙන මැයි 30 දින අධිකරණයේ පෙනී සිටින ලෙස සැකකරුට නියෝග කර තිබෙනවා.