මහින්දානන්දගේ පුතා ඩිෆෙන්ඩරයෙන් පොලිස් නිළධාරියා යට කළ හැටි මෙන්න ! -VIDEO- | Colombocall මහින්දානන්දගේ පුතා ඩිෆෙන්ඩරයෙන් පොලිස් නිළධාරියා යට කළ හැටි මෙන්න ! -VIDEO- - Colombocall

Hot News

මහින්දානන්දගේ පුතා ඩිෆෙන්ඩරයෙන් පොලිස් නිළධාරියා යට කළ හැටි මෙන්න ! -VIDEO-









බම්බලපිටිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු අනතුරට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් පසු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා වන රනිශ්ක අලුත්ගමගේ මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.

පොලිසිය ආරංචි මාර්ග සඳහන් කරන්නේ අදාළ රථ දෙකේ ගමන් ගත් 08 දෙනෙකු මේ වන විට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මීට පෙර එම ඩිෆෙන්ඩර් රථයේ නිළියක් වැනි තරුණියක් ගමන් ගත් බව කියැවුණත් එම ප්‍රකාශයේ සත්‍යතාවයක් නොමැති බවද පොලිසිය සඳහන් කර සිටියා.