සමන්තභද්‍ර හිමියන්ගේ උපන්දින පිංකම මෙන්න. ලැබුණු පිරිකර වල වටිනාකම කෝටි දෙකකට අධිකයි ! -VIDEO- | Colombocall සමන්තභද්‍ර හිමියන්ගේ උපන්දින පිංකම මෙන්න. ලැබුණු පිරිකර වල වටිනාකම කෝටි දෙකකට අධිකයි ! -VIDEO- - Colombocall

Hot News

සමන්තභද්‍ර හිමියන්ගේ උපන්දින පිංකම මෙන්න. ලැබුණු පිරිකර වල වටිනාකම කෝටි දෙකකට අධිකයි ! -VIDEO-




සමන්තභද්‍ර හිමියන් යනු ලංකාවේ පමණක් නොව වෙනත් රටවල පවා ධර්ම දේශනා පවත්වන නම ඇසූ පමණින් සියළු දෙනා හඳුනන හිමි නමකි.

 සිරි සදහම් ආශ්‍රමයේ වාසය කරන උන් වහන්සේට සිටින්නේ බලවත් මෙන්ම ධනවත් දායක පිරිසක් බව නැවත වතාවක් ඔප්පු වී තිබෙනවා.

 කිරිබත්ගොඩ ඥාණානන්ද හිමියන් දේශනා කරන ධර්මය බුද්ධ දර්ශනය නොවන බවත් ඒ පිළිබඳ ප්‍රසිද්ධ වාදයකට කිරිබත්ගොඩ හිමියන්ට අභියෝග කරන ලද්දේ ද සමන්තභ්‍රද්‍ර හිමියන් ය.

ඉරාජ් යනු මීට වසර කිහිපයකට පෙර සිටම  සදහම් ආශ්‍රමය සමඟ හිතවත්ව ගණුදෙනු කරන සමන්තභ්‍රද්‍ර හිමියන්ගේ ශ්‍රාවකයෙකි. ඉරාජ් විසින් ඊයේ(24) සමාජ මාධ්‍ය වෙත මුදාහරින ලද පින්තූර කිහිපයක් නිසා මේ වන විට බුකිය කැළඹී තිබෙනවා.

එනම් සමන්තභද්‍ර හිමියන්ගේ උපන්දිනය වෙනුවෙන් කෝටි දෙකකට වඩා අධික වටිනාකමකින් යුක්ත පිරිකර උපන්දිනය වෙනුවෙන් උන් වහන්සේට ශ්‍රාවකයින් පූජා කිරීමයි.

"ලුවී විටෝන්" වැනි අධික මිලකින් යුත් පිරිකර ඒ අතර වෙනවා. එම පින්තූර සියල්ලම පහළින් නරඹන්න