ප්‍රතිශතය පිළිගත නොහැකියි කියූ වරදට "හිරු නාලිකාව" තිවංකගෙන් පළි ගත් හැටි ! -VIDEO S- | Colombocall ප්‍රතිශතය පිළිගත නොහැකියි කියූ වරදට "හිරු නාලිකාව" තිවංකගෙන් පළි ගත් හැටි ! -VIDEO S- - Colombocall

Hot News

ප්‍රතිශතය පිළිගත නොහැකියි කියූ වරදට "හිරු නාලිකාව" තිවංකගෙන් පළි ගත් හැටි ! -VIDEO S-





සමාජ මාධ්‍ය තුළ මේ දින වල වැඩි කතාබහට ලක් වෙන මාතෘකා අතර ගීත ගායන තරඟයක් තුළින් ජනතා ආදරය දිනාගත් චරිතයක් ලෙස තිවංක දිල්ෂාන් බොහෝ දෙනෙක් හඳුනයි.

මෙම තරඟය "හිරු ස්ටාර්" ලෙස නම් කර ඇති අතර මෙහි විනිසුරුවරුන් තිදෙනෙක් සිටියි. යම් තරඟකරුවකු ගීතය හොඳින් ගායනා කල විට එක් විනිසුරුවරයෙක්ට ලකුණු හතක් ලබා දීමට හැකිය. එලෙස ගත් කල විනිසුරුවරුන් තිදෙනාටම ගායනය ප්‍රමාණවත් නම් එම තරඟකරුවා හට විනිසුරු මනාප තුන පමණක් ලබා 21 % ක ප්‍රතිශතයක් ලබාගත හැකිය. නමුත් ඉතිරි 79% ප්‍රතිශතය තීරණය වන්නේ ජනතා මනාප අනුවය.

එක් එක් තරඟකරුවාගේ හඬ පරාසයන්, ගායන විලාශයන්, වචන උච්චාරණ ආකාර වෙනස් වේ. ඒ අතර ජනතා මනාපය වැඩි වශයෙන් ලැබෙන තරඟකරු තරඟයේ ඉදිරියට ගමන් කරයි.

නමුත් පසු ගිය දින කිහිපයක් පුරා එක් තරඟකරුවකුට  හිරු ආයතනය විසින් සිදු කරන ලද අසාධාරණයක් පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක් අදහස් පල කර තිබුණා. ඔහු නමින් තිවංක දිල්ෂාන්.

මේ පිළිබඳ කල සොයා බැලීමකදී ආරංචි වූයේ තිවංක දිල්ෂාන් ගේ කටින් පිටවූ වචනයකට පළි ගැනීමක් ලෙස ඔහුට මෙම අසාධාරණ ක්‍රියාව සිදු කර ඇති බවයි.

එම අසාධාරණ ක්‍රියාව වන්නේ තිවංක ගායනා කරන අවස්ථාවේ ඔහුට මනාපය පල කල නොහැකි වන ලෙස හිරු ආයතනය විසින් එම සබඳතාවය විසන්ධි කර දැමීමයි.

අමිල යනු තිවංකගේ කුඩා කළ සිටම මිතුරා ය. අමිල එක් අවස්ථාවක මෙම තරඟයෙන් ඉවත් වී යයි.එවිට තිවංක හඬා වැලපෙමින් කියා සිටින්නේ අමිල තමාට වඩා දක්ෂයෙක් බවත්  ඔහුට එය ඉතා කණගාටුදායක අවස්ථාවක් බවත් ය.

කෙසේ නමුත් පසුව අතුරු තරඟ වටයකින් එසේ තරඟයෙන් ඉවත් වී ගිය අමිලට නැවත හිරු ස්ටාර් වේදීකාව පැමිණීමට අවස්ථාව උදා වෙයි. එමෙන්ම අවසන් හතර දෙනා අතරට යාමේදී තිවන්කට තරඟ වැදීමට සිදුවන්නේ තමාගේ යහළුවා වන අමිල සමඟයි.

එම තරඟයේදී තිවන්කගේ වෝට් බ්ලොක් කර තිබූ බව ගායනය අවසානයේදී බොහෝ පිරිසක් ස්ක්‍රීන් ශොට් සහිතව සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබුණා. එසේ වෝට් බ්ලොක් කර තිබුණද යම් ප්‍රතිශතයක් ලබා ගත් තිවංකගේ ප්‍රතිශතය අභිබවා ගොස්  අවසන් හතර දෙනා අතරට යාමේ අවස්ථා ව "අමිල" උදා කරගනු ලබයි.

එම අවස්ථාවේ තම සගයාගේ ජයග්‍රහණයට සුභ පතන තිවංක ඒ සමඟ ම තමාගේ වෝට් බ්ලොක් කර ඇති බවත් තමාට ලැබුණු ප්‍රතිශතය පිළිගත නොහැකි බවත් කියා සිටිනවා.

ඔහුගේ එම වචන තුළින් හිරු නාළිකාවට සැර කනේ පහරක් වැදුන අතර එතැනින් පසු තිවංකට මයිකෆෝනය පවා ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට  ඉහළ නිළධාරීන් වග බලා ගන්නවා.

කෙසේ නමුත් දුප්පත් පවුලක දෙවන දරුවා වන තිවංක මෙම තරඟයට පැමිණ බලාපොරොත්තු වූයේ තම මවට සහ පියාට නිවී සැනසිල්ලේ දෑස පියාගැනීමට නිවසක් සදා දීමටයි. එය ඔහු මෙම තරඟයට පැමිණි මුල් කාලවකවානුවේ කියා සිටියා.

ඒ සමඟම ඔහුට හිමි කටහඬට ආදරය කර රසික ප්‍රජාවක් බිහි වීම නිසා  ඔහු කා අතරත් ඉක්මණින් ජනප්‍රිය වූවා.

කෙසේ නමුත් අවසානයේ ජනතා පරමාධිපත්‍ය තුළින් හොඳම ගායකයා තොරාගන්නවා යැයි කියූ හිරු ස්ටාර්  මෙවන් අසාධාරණ ක්‍රියා සිදු කර ජනතා පරමාධිපත්‍ය ට ගරු නොකරන නාලිකාවක් බව ලංකාවාසීන් ඉදිරියේ පෙන්වා තිබෙනවා.

තිවංකගේ වෝට් බ්ලොක් කිරීම, තිවංක හිරුස්ටාර් ප්‍රතිශතය නොපිළිගැනීම, තිවංක වෙනුවෙන් පළ වූ පෝස්ට් ආදී සියළු වීඩියෝ පහළින් නරඹන්න

තිවංකගේ වෝට් බ්ලොක් කිරීම..




  තිවංක වෙනුවෙන් පළ වූ පෝස්ට්..


තිවංක "හිරු ස්ටාර් ප්‍රතිශතය" පිලිගත් නොහැකි බව කියූ අවස්ථාව ..



අමිල ඉවත්ව යන විට කඳුළු සැලූ තිවංක..