ක්‍රීඩා කෞතුකාගාරයක් ලංකාවට ! පාසල් ළමුන්ට නොමිලේ ! හරීන්ගේ වැඩක් ! -PHOTOS- | Colombocall ක්‍රීඩා කෞතුකාගාරයක් ලංකාවට ! පාසල් ළමුන්ට නොමිලේ ! හරීන්ගේ වැඩක් ! -PHOTOS- - Colombocall

Hot News

ක්‍රීඩා කෞතුකාගාරයක් ලංකාවට ! පාසල් ළමුන්ට නොමිලේ ! හරීන්ගේ වැඩක් ! -PHOTOS-




ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ස්ථාපිත කරනු ලැබූ “ශ්‍රී ලංකා ක්‍රිකට් කෞතුකාගාරය”ක්‍රීඩා අමාත්‍ය ගරු හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඊයේ උදෑසන (20) විවෘත කරන ලදී.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය තුල ඉදිකර ඇති මෙම කෞතුකාගාරය හරහා මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ අමරණීය මතක සටහන් රැසක් මහජනතාව හට ප්‍රථම වතාවට දැකගැනීමට අවස්ථාව හිමිවේ.

එමඟින් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයත්,එක්දින තරග ඉතිහාසයත්, විස්සයි 20 තරග ඉතිහාසයත් අප කණ්ඩායම විසින් ලබා ගත් ජයග්‍රහණ සහ කුසලානත් ප්‍රදර්ශනය කරන අතර ක්‍රිකට් ක්‍රීඩාවේ ඓතිහාසික හැරවුම් ලක්ෂයන් ද මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබේ.

තවද කෞතුකාගාරය නැරඹීමට පැමිණෙන නරඹන්නන් හට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා වංශකතාවේ අමරණීය ජයග්‍රහණයන්වන 1996 ලෝක කුසලානයත්, 2014 විස්සයි 20 ලෝක කුසලානය සහ ජයග්‍රාහී ආසියානු කුසලාන ද නැරඹීමේ අවස්ථාව හිමිවනු ඇත.

එමෙන්ම,මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන් ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 නායකයන්ගේ නම් සඳහන් සමරු ඵලකයක් සහ මේ දක්වා ටෙස්ට් වරම් හිමිකරගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ නම් සඳහන් සමරු ඵලකයක්ද,විවිධ අවස්ථාවලදී ක්‍රිකට් කණ්ඩායම ලැබූ සුවිශේෂී සමරු සටහන් සහිත පන්දු සහ ක්‍රිකට් පිති ද මෙහිදී ප්‍රදර්ශනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේ පිහිටා ඇති මෙම ක්‍රිකට් කෞතුකාගාරය මහජනයා වෙනුවෙන් සතියේ දිනවල පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා විවෘත කර තිබෙන අතර පාසල් ළමුන් සඳහා මෙය නොමිලේ නැරඹීමට අවස්ථාව ලබා දෙනු ලැබේ.