දැනට හය දෙනකුගේ ජීවිත බිළි ගත් මාරවිල බස් අනතුර ! (PHOTOS) | Colombocall දැනට හය දෙනකුගේ ජීවිත බිළි ගත් මාරවිල බස් අනතුර ! (PHOTOS) - Colombocall

Hot News

දැනට හය දෙනකුගේ ජීවිත බිළි ගත් මාරවිල බස් අනතුර ! (PHOTOS)





වවුනියාවේ සිට කොළඹ බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද(18)  මාරවිල මහවැවදී ට්‍රාන්ස්ෆෝමරයක ගැටී සිදු වූ අනතුරෙන් පුද්ගලයන් හයදෙනෙක් මිය ගොස්  19 දෙනෙකු තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කළ  බව මාරවිල පොලිසිය කියයි.
 
 තුවාලකරුවන් අතර පුත්තලම යුද හමුදා කඳවුරේ සිට නිවාඩු ලබා ගම්බිම් බලා යමින් සිටි හමුදා සාමාජිකයන් තිදෙනෙකුද නාවික හමුදා සාමාජිකයකුද කාන්තාවන් සිව් දෙනෙකු ද සිටින බවට රෝහල් ආරංචි මාර්ග පවසයි.
රියදුරුට බස් රථයේ වේගය පාලනය කර ගත නොහැකිව පාරෙන් ඉවතට පැන අසළ තිබූ විදුලි කණුවක ගැටී අනතුරකට ලක්වූ බව ප්‍රදේශවාසීහු පැවසූහ.
 
 අනතුරින් මරණයට පත් හය දෙනාම පුරුෂයන් බවත් මිය ගිය පුද්ගලයන් මෙතෙක් හඳුනාගෙන නොමැති බවත් ඔවුන් වවුනියාව හා අවට ප්‍රදේශවල පදිංචිකරුවන් විය හැකි බවත් පොලිසිය පවසයි.
 
 මාරවිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.