ISIS ත්‍රස්ත කණ්ඩායමක පිරිසක් ලංකාවෙන් පිට වීමේදී අත් අඩංගුවට ! -PHOTOS- | Colombocall ISIS ත්‍රස්ත කණ්ඩායමක පිරිසක් ලංකාවෙන් පිට වීමේදී අත් අඩංගුවට ! -PHOTOS- - Colombocall

Hot News

ISIS ත්‍රස්ත කණ්ඩායමක පිරිසක් ලංකාවෙන් පිට වීමේදී අත් අඩංගුවට ! -PHOTOS-





ව්‍යාජ දකුණු කොරියානු ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් කටුනායක වෙත පැමිණ සිටි පස් දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ ආගමන සහ විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම වියට්නාම ජාතිකයින් 05 දෙනා යුක්රේනය වෙත පලා යෑමට මෙරටට පැමිණ තිබුණා.

මෙම වියට්නාම් ජාතිකයන් පස් දෙනා 30 හැවිරිදි වියේ පසුවන තරුණයන් සිව් දෙනෙකු සහ එක් තරුණියකගෙන් සමන්විතයි.

ඔවුන් මෙම දකුණු කොරියානු ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර උපයෝගී කර ගනිමින් ඉකුත් 18 වැනිදා අලුයම 12.40 ට මැලේසියාවේ සිට පැමිණි මලින්දෝ ගුවන් සේවයේ ඕ.බී.- 185 දරන ගුවන් යානයෙන්  60 හැවිරිදි දකුණු කොරියානු ජාතිකයෙකු සමග කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ඉන් පසුව මෙම පිරිස අද (20) දින පෙරවරු 11.05 ට  යුක්රේනය බලා පිටත්ව යන යුක්රේන ගුවන් සේවයේ පී.එස්.- 388 දරන ගුවන් යානයකට ඇතුළු වීම සඳහා කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

ගුවන් තොටුපළට පැමිණි මෙම පිරිස අදාළ ගුවන් යානය වෙත ඇතුළු වීම සඳහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඇතුළු වීමේ අවසර පත්‍ර ද ලබා ගෙන ඇති අතර, මෙම පිරිස අතර සිටි එක් වියට්නාම් ජාතිකයෙකු මෙම ගුවන් යානය තුළට ඇතුළු වී අසුන් ගෙන ද තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලේ පිටත්වීමේ පර්යන්තය වෙත ඒ වනවිට පැමිණ සිටි ඉතිරි වියට්නාම් ජාතිකයන් සිව් දෙනා සතුව තිබූ  ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍ර සමග අත්අඩංගුවට ගැනීමෙන් පසුව, ගුවන් යානය තුළ අසුන් ගෙන සිටි අනෙක් ගුවන් මගියා ද යානයෙන් පිටතට ගෙන අත්අඩංගුවට ගත්තා.

ඉන් අනතුරුව මෙම වියට්නාම් ජාතිකයන් පිරිස වැඩිදුර පරීක්ෂණ සඳහා කටුනායක ගුවන් තොටුපළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපළ භාර සහකාර පාලක සුජීව රත්නායකගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ, ජ්‍යෙෂ්ඨ බලලත් නිලධාරී ඒ.එස්.ජී.සුසිල්, බලලත් නිලධාරීන් වන කේ.ඒ.ජේ.සී. කුලතුංග, එස්.ඒ.එච්.පෙරේරා යන නිලධාරීන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා.

ISIS වැනි ත්‍රස්ත කල්ලි සාමාජිකයින් වෙනත් රටවලට යාමේදී මෙවන් උපක්‍රම භාවිත කරන බවත් මොවුන් ඇතැම් විට එවන් පිරිසක් විය හැකි බවත් සමාජ මාධ්‍ය පරීශීලකයෙක් කියා සිටියා.

කෙසේ නමුත් මොවුන් පිළිබඳ පරීක්ෂණ කටයුතු අවසානයේ සියළු තොරතුරු හෙළි කරගත හැකි බව ඔහු කියා සිටිනවා.