මහින්දටත් හොරෙන් "බැසිල්" චන්නගේ නිවසේ රහස් කාමරයේදී "රනිල්" හමුවී දේශපාලන ඩීල් එකක් දමයි ! (EXCLUSIVE) | Colombocall මහින්දටත් හොරෙන් "බැසිල්" චන්නගේ නිවසේ රහස් කාමරයේදී "රනිල්" හමුවී දේශපාලන ඩීල් එකක් දමයි ! (EXCLUSIVE) - Colombocall

Hot News

මහින්දටත් හොරෙන් "බැසිල්" චන්නගේ නිවසේ රහස් කාමරයේදී "රනිල්" හමුවී දේශපාලන ඩීල් එකක් දමයි ! (EXCLUSIVE)




බැසිල් රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ අතර අතිශය රහසිගත හමුවීමක් සිදුවී තිබෙනවා. මෙම හමුවීම සිදු වූ බව (12)ඊයේ වනතුරු මහින්ද රාජපක්ෂ පවා නොදැන සිටි බවයි වාර්තා වෙන්නේ.

කෙසේ වෙතත් පසුගිය සතියේ දිනයක බැසිල් රාජපක්ෂ චන්න වික්‍රමසිංහගේ නිවසට පැමිණෙන්නේ මෙම හමුවීමට අතරමැදියා ලෙස කටයුතු සංවිධානය කර තිබුණේ චන්න වික්‍රමසිංහ නිසාවෙන්.

චන්න වික්‍රමසිංහ ගේ නිවසට යාබදව ඇත්තේ රනිල් වික්‍රමසිංහගේ නිවස බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. නමුත් මෙම  නිවෙස් දෙකටම පොදු වූ එක් කාමරයක් පවතින බව දන්නේ ඉතා සුළු පිරිසක්.

 මෙම කාමරයට ඇතුල් වීමට  විශේෂ දොරක් පවතින අතර එය සෑම විටම භාවිත නොකරන බවත් වාර්තා වෙනවා.නිවෙස් දෙකෙහිම අභ්‍යන්තරයේ සිට එම දොරවල් දෙක විවෘත කිරීමෙන් මෙම රහස් පොදු කාමරයට ඇතුල් විමේ හැකියාව පවතිනවා. එහි සැප පහසුවේ වාඩි වී කිහිප දෙනකුට කතාබහ කිරීමට හැකි පරිදි නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කර තිබෙනවා.

 මෙසේ රහසිගතව පැමිණි බැසිල් රනිල් වික්‍රමසිංහ හමුවී කතා කරගෙන ඇත්තේ ඉතාම වැදගත් දේශපාලන සැලසුමක්. එනම් 2020 ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස බැසිල් රාජපක්ෂ තරඟ බිමට පැමිණියහොත් රනිල් වික්‍රමසිංහ විසින් දුර්වල අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරිමයි.

ඒ තුලින් සිදුවන්නේ බැසිල් රාජපක්ෂ පහසුවෙන්ම ජය ගැනීම හා එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සංධානය පරාජයට පත් විමයි. එසේ වුවත් රාජපක්ෂ විරෝධී කණ්ඩායක සැලකිය යුතු මට්ටමක තිබෙන නිසා පාර්ලිමේන්තු බහුතරය ලබා ගැනීම පොහොට්ටුවට ලෙහෙසි නොවන බව ඔවුන් ගේ මතය වී තිබෙනවා. එසේ වීම තුල නැවත වරක් ජාතික ආණ්ඩුවක් පිහිටවීමට අවශ්‍ය වටපිටාව නිර්මාණය වන අතර රනිල් වික්‍රමසිංගගේ අරමුණ ඉටුවන්නේ එම අවස්ථාවේදී බවයි වාර්තා වෙන්නේ.

එනම් මෙසේ පිහිටවන ජාතික ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය තනතුර රනිල් වික්‍රමසිංහට හිමි වීමයි.

2020 ජනාධිපතිවරණය සඳහා රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වුවත් පරාජය නිසැක බව දන්නා නිසා මෙන්ම බැසිල් රාජපක්ෂට  ජනාධිපති වීමේ දැඩි ආශාවක් තිබෙන නිසා දෙපාර්ශවයේම පොදු එකඟතාව මේ දේශපාලන ඩීල් එක කෙරෙහි යොමු වි තිබෙනවා. 2020 අපේක්ෂකත්වය කෙරෙහි රාජපක්ෂ පවුල තුල මේ වන විට දැඩි මත ගැටුම් ඇතිවී තිබෙන අතර ගෝඨභය රාජපක්ෂගේ ඉදිරිපත් වීම වැලකී යාමට තරම් එම ගැටුම උත්සන්න වී ඇති බවයි වාර්තා වෙන්නේ.එසේ වුව හොත් ගෝඨාභය රාජපක්ෂ පොදුජන පෙරමුණේ කොටසක් හා නිදහස් පක්ෂ පිරිස සමඟ ස්වධීනව තරඟ කිරීමේ ඉඩ කඩ බොහෝ සෙයින් පවතින බවත් වාර්තා වෙනවා.

 එමෙන්ම රනිල් වික්‍රමසිංහට අවශ්‍ය වන්නේ පක්ෂ නායකත්වය හා මුල් පුරවැසියන් තිදෙනා( ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ) අතර කෙසේ හෝ රැඳී සිටීම බවත් කියවෙනවා.ඒ සඳහා ඔහුට විශ්වාසවන්තම කණ්ඩායම සමඟ දේශපාලන ඩීල් එක දමා ගැනීමට මේ වන විටත් රනිල් වික්‍රමසිංහ කටයුතු කරමින් සිටින බව ආරංචි මාර්ග කියා සිටිනවා.

බැසිල්ගේ හමු වීමෙන් පසු එම දේශපාලන එකඟතාවය කෙරෙහි රනිල්ගේ දැඩි ප්‍රසාදයක් පවතින බව ද වැඩිදුරටත් වාර්තා වෙනවා.