බැඳුම්කර මුදලින් කොටසක් වැය කර "රවී" තවත් කුණු වැඩකට අත ගසයි ! | Colombocall බැඳුම්කර මුදලින් කොටසක් වැය කර "රවී" තවත් කුණු වැඩකට අත ගසයි ! - Colombocall

Hot News

බැඳුම්කර මුදලින් කොටසක් වැය කර "රවී" තවත් කුණු වැඩකට අත ගසයි !







බැඳුම්කර වංචාව සමයේ මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායකගේ පහත් ක්‍රියාවක් මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

විදුලිබල සහ බලශක්ති අමාත්‍ය රවී කරුණානායක විසින් බැදුම්කර වංචාවේ ලාභයෙන් මසකට රුපියල් ලක්ෂ 20ක මුදලක් ගෙවා මිලදී ගනු ලැබූ “පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය” නමැති සිවිල් සංවිධානය යොදවා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව මඩ අවලාද නැගීමේ ව්‍යාපාරයක් ආරම්භ කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

මෙම සිවිල් සංවිධානයේ සභාපතිවරයා වන්නේ රංජිත් විතානගේ නමැති තැනැත්තෙක්.

මෙම සිවිල් සංවිධානය විසින් සජිත් ප්‍රේමදාස මහතා විසින් දුප්පත් ජනතාව වෙත ලබාදෙන නිවාස ව්‍යාපෘති වල ප්‍රචාරණ වියදම් පිලිබදව අසත්‍ය තොරතුරු මාධ්‍ය නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

සජිත් ප්‍රේමදාස මහතාගේ අනවශ්‍ය ප්‍රචාරණ වියදම් නිසා සිමෙන්ති මිල ඉහළ යන බවයි ඔහු එම නිවේදනය මගින් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර රවී කරුණානායක මහතා විසින් මිලදී ගනු ලැබූ මෙම සිවිල් සංවිධානය විසින් මේ වනවිට රවී කරුණානායක සම්බන්ධ හොරකම් සහ වංචා රැසක් වෙනත් පාර්ශව වෙත යොමු කිරීම සදහා මාධ්‍ය සාකච්ජා පවත්වමින් සිටිනවා.

එජාපයේ අනාගත නායකයා වශයෙන් පාක්ෂිකයින්ගේ කැමැත්ත දිනා සිටින සජිත් ප්‍රේමදාස මහතාට මඩ ගැසීම හරහා එජාපයේ අනාගත නායකයා බවට පත්වීම රවී කරුණානායක අමාත්‍යවරයාගේ අරමුණ වී ඇති බව බොහෝ දෙනෙක් පවසනවා.