පාතාල සෙල්ලම් ඉවරයි. "මාකඳුරේ මධුෂ්" අත් අඩංගුවට ගනී. ජනප්‍රිය ගායක අමල් පෙරේරාත් ඒ සමඟ සිටී | Colombocall පාතාල සෙල්ලම් ඉවරයි. "මාකඳුරේ මධුෂ්" අත් අඩංගුවට ගනී. ජනප්‍රිය ගායක අමල් පෙරේරාත් ඒ සමඟ සිටී - Colombocall

Hot News

පාතාල සෙල්ලම් ඉවරයි. "මාකඳුරේ මධුෂ්" අත් අඩංගුවට ගනී. ජනප්‍රිය ගායක අමල් පෙරේරාත් ඒ සමඟ සිටී





මෙරට පාතාලයේ මහ මොළකරු ලෙස හඳුන්වන මාකඳුරේ මධූෂ් ඩුබායි හිදී අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ අද 05 ඩුබායි හි ප්‍රසිද්ධ හෝටලයකදී ය.

කොකේන් මත් ද්‍රව්‍ය සමඟ 20 දෙනකු අත් අඩංගුවට පත්ව ඇති අතර මෙරට ජනප්‍රිය ගායකයකු වන අමල් පෙරේරා ද එරට පොලිස් අත් අඩංගුවට පත්ව ඇත්තේ මධූෂ් සමඟ සිටි අවස්ථාවේදී බවයි වාර්තා වෙන්නේ.

මේ පිරිස හඳුනාගැනීමේ විමර්ශනයක් මේ වන විට සිදුවන අතර කෙසෙල් වත්තේ දිනුක ද ඒ අතර සිටින බව අනාවරණය වී තිබෙනවා.

කෙසේ නමුත් ජනප්‍රිය ගායක අමල් පෙරේරාත් මේ සමඟ සිටි බව වාර්තා වීම සමඟ ජනතාව පුදුමයට පත් වී තිබෙනවා.