සරත් ෆොන්සේකාට නිදහස් දින සැමරුමට ආරාධනා නෑ ! | Colombocall සරත් ෆොන්සේකාට නිදහස් දින සැමරුමට ආරාධනා නෑ ! - Colombocall

Hot News

සරත් ෆොන්සේකාට නිදහස් දින සැමරුමට ආරාධනා නෑ !







ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා හට නිදහස් දින සැමරුම සඳහා මෙතෙක් ආරාධනා නොලැබී ඇති බව වාර්තා වෙනවා.

ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කිරීම නිසා මෙසේ සිදුවන්නට ඇතැයි බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් මේ හේතුව නිසා සරත් ෆොන්සේකා මහතා හෙට දින පැවැත්වෙන නිදහස් දින සැමරුමේ දැක ගත නොහැකි වනු ඇත.

තත්වය එසේ තිබියදී පිරිසක් කියා සිටින්නේ තිස් වසරක යුද්ධය  නිමා කිරීමට හමුදාව මෙහෙයවූ සරත් ෆොන්සේකා හට පෞද්ගලික අමනාපකම් නිසා නිදහස් දින සැමරුමට ආරාධනා නොකිරීම එතරම්  හොඳ ක්‍රියාවක් නොවන බවයි.