මරණ දඬුවම ගැන යුරෝපා සංගමයෙන් "මෛත්‍රී" ට කොක්කක් ! | Colombocall මරණ දඬුවම ගැන යුරෝපා සංගමයෙන් "මෛත්‍රී" ට කොක්කක් ! - Colombocall

Hot News

මරණ දඬුවම ගැන යුරෝපා සංගමයෙන් "මෛත්‍රී" ට කොක්කක් !







කුමන තත්ත්වයක් යටතේ වුවත් මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව යුරෝපා සංගමය නැවත අවධාරණය කරනවා.

ඒ අනුව මරණ දඩුවම ක්‍රියාත්මක  නොකර සිටීමට මීට පෙර ගනු ලැබූ තීන්දුව මත තවදුරටත් පිහිටා සිටින්නැයි ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින බව ඔවුන් පවසනවා.

යුරෝපා සංගමය සහ ශ්‍රී  ලංකා නියෝජිතයන් අතර ඊයේ (14) පැවති සාකච්ඡාවකින් පසු මෙම අදහස් ප්‍රකාශ කෙරුණා.

මානව හිමිකම් ප්‍රවර්ධනය  කිරීමට සහ ප්‍රතිසන්ධානය වෙනුවෙන් තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව මෙහිදී එකගවී ඇත.

 දෙපාර්ශවය අතර මීළග සාකච්ඡුාව ලබන වසරේ කොළඹදී පැවැත්වීමටද එකගතාවක් ඇතිකර ගෙන තිබෙනවා.