ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට ! | Colombocall ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට ! - Colombocall

Hot News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට !






එළඹෙන ලෝක කුසලානයේදී ශ්‍රී  ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය යළි වෙනස් විය හැකි බව ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් වික්‍රමරත්න පවසනවා.

බොහෝ දුරට එම නායකයා ඇන්ජලෝ මැතිව්ස් විය හැකි බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ අතර ක්‍රිකට්  ක්‍රීඩකයින්ගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති රවීන් අදහස් පළ කළා.

එහිදී ඔහු සඳහන් කළේ "ක්‍රීඩකයින්ගේ මානසිකත්වය බිඳීම පිළිබඳව පළමුවෙන්ම වගකිව යුත්තේ අපි අපිමයි. කණ්ඩායම ඇතුළේ තව තව කණ්ඩායම් හැදීමත් අහිතකරයි. " යනුවෙනි.

සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියේ ශ්‍රී  ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන්නේ ලසිත් මාලිංගයි.

මෙම තරගාවලියට එක්ව සිටින ක්‍රීඩකයින් බහුතරයක් ලෝක කුසලාන සංචිතයට ද එක් කරනු ඇති බවටයි වාර්තා පළ වන්නේ.